Helabima

සල්ලි උතුරන පර්ස් එකක් සදහා ගුප්ත රහස්

බිනරි ඇතුගල


 

ඔබව ධනවතෙක් කරන්නත් දුප්පතෙක් කරන්නත් ඔබේ පර්ස් එකට හැකියාව තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද. ඇත්තෙන්ම ඔබේ ධනයේ ස්භාවය ලැබීම් ඉතිරි කිරීම් වියදම් තීරණය කිරීමේ හැකියාවක් ඔබේ පසුම්බිය සතුයි. පසුම්බියට කරන්න ඕනි දේවල් වගේම නොකරන්න ඕනි දේවලුත් ගොඩාක් තියෙනවා .අපි නොහිතන පුංචි දේවල් වලින් ඔබේ වාසනාව අවහිර වෙනහැටි ඔබට මේ ලිපියෙන් දැනගන්න පුලුවන්

ඔබ මුදල් පසුම්බියක් මිලට ගනිද්දී ඒක කලු දුඹුරු රත්තරන් පාට කොලපාට වගේ වර්ණයකින් මිලට ගැනීම ඉතාමත් සුභයි. මුදල් ඉතිරි කිරීමට යම් තල්ලුවක් ඉන් ඔබට ලැබෙවි. එසේම කිසිම විදියකින් රතු නිල් රෝස තැබිලි පාට වලින් පසුම්බි මිලට ගන්න එපා . ඔබව අනවශ්‍ය වියදම් වලට පෙළඹවීමේ හැකියාවක් එය සතුයි.

මෙය බොහෝ පිරිමි අය කරන විශාල වරදක් . ඔබ පාවිච්චි කරන පසුම්බිය අබලන් වූ ඉරී ගිය පුස් බැදුනු සිප් හෝ බොත්තම් කැඩී ගිය පසුම්බියක් නම් ධන වාසනාව ඔබ වෙත පැමිණීම අහුරන්නේ එම පසුම්බියයි. නිතරම පසුම්බිය පිරිසිදු නොකැඩුනු නව පසුම්බියක් විය යුතුයි . වසරකට වරක් වත් නව පසුම්බියක් මිලට ගන්න . එය ඔබට නව ආදායම් මාර්ග විවර වීම සංකේතවත් කෙරෙයි. හැබැයි ඔබ භාවිත කල පසුම්බිය වෙන අයෙකුට ලබා දීම හෝ අනුන්ගෙ පසුම්බියක් ඔබ භාවිත කිරීම සිදු නොකරන්න. එය ඔබේ වාසනාව වෙනකෙකුට දීම හා සමානයි. ඔබ අනෙකෙකුගේ පසුම්බියක් ලබා ගනී නම් ඔහුගේ අවාසනාව ඔබ ලබා ගත්තාක් මෙන් අසුභදායී ක්‍රියාවක් ලෙස එය දැක්විය හැකියි. නමුත් ඔබට නව පසුම්බියක් ත්‍යාග ලෙස අවශ්‍ය අයෙකුට පිරිනැමීම හෝ ත්‍යාග ලද පසුම්බියක් භාවිත කිරීම සිදු කල හැක.

ඇතැමුන්ගේ මුදල් පසුම්බි මුදල් ක්‍රෙඩිට් කාඩ් හැඳුනුම් පත් වලට අමතරව පිරී ඇත්තේ අනවශ්‍ය ලිය කියවිලි වලිනි. ගෙවූ පැරණි බිල් කිසිම අයුරකින් මුදල් පසුම්බියට ඇතුල් නොකළ යුතුයි. ඉන් ඔබේ වියදම් ඉහල යාම සිදුවේ.. ඔබට ගෙවූ බිල්පත් ළඟ තබා ගැනීම අවශ්‍ය නම් එය වෙනම තැනක තබා ගැනීම සුදුසු වේ. චායාරූප පසුම්බියේ බහා තබා ගැනීම බොහෝ අයගේ සිරිතකි. එය ඔබේ පසුම්බියේ මුදල් අද්දවා ගැනීමේ බලය අඩු කරයි. ඇතමුන් දේව රූප ශාස්තෘවරුන්ගේ රූප පසුම්බියේ තබා ගනී. පසුම්බිය වැසිකිළියට ,නාන කාමරයට මස් මාලු ඇති ස්ථාන වලට පවා රැගෙන යාමට සිදුවේ. එම දේව පින්තූර එබදු ස්ථාන වලට රැගෙන යාමට සිදුවීම කොයිතරම් උචිත දැයි ඔබම සිතිය යුතුය.

 

 

By twenty20photos

පසුම්බියේ මුදල් නෝට්ටු සහ කාසි දෙකම අනිවාර්යයෙන් අඩංගු විය යුතුයි . ඇතමුන් පහසුව සදහා නෝට්ටු පනනක් පසුම්බියේ දමා ගත්තද ඒ දෙවර්ගයේම මුදල් පසුම්බියේ තිබිය යුතුයි . එමෙන්ම කාසි හා නෝට්ටු එකට ගෑවෙන සේ නොදැමීමට ඔබ ප්‍රවේසම් විය යුතුයි . කාසි පසුම්බියේ වෙනම කුඩා කොටසකද නෝට්ටු වෙනමද තබා ගන්න . මුදල් නෝට්ටු ඇසිරීමේදී එවා ගුලි කර නවා දැමීමෙන් වලකින්න . නෝට්ටු හොදින් දිග හැර පිලිවලට අසුරන්න වග බලා ගන්න . ඔබ මුදල් වලට ගරු කල යුතුයි .

කාන්තාවන් බොහෝවිට අත් බෑග මාරු කිරීම නිරන්තරයෙන් සිදුකරයි. එය ගැටලුවක් නොවුනත් ඔබ එය තුල දැමූ කුඩා මුදල් පසුම්බියක් භාවිත කල යුතුයි . එය ඉහත විස්තර වලට අනුකූල වීම ඔබට වාසනාව කැන්දයි.  මුදල් පසුම්බියක් අලුතින් මිලට ගත් විට එයට මුලින්ම මුදල් තැන්පත් කිරීම සුභ මොහොතක සිදු කිරීම යහපත් වේ. අඩුම තරමේ රාහු කාලය පසු කර එම තැන්පත් කිරීම සිදු කිරීම කල මනාය.  මුදල් සම්බන්ධයෙන් ජපානයේ අගරිතෝ ක්‍රමය අනුගමනය කිරීම ඉතා යහපත් වේ. එය මුදල් වලට ගරු කිරීම හඳුන්වන ජපන් වදන වේ. ඔබ ඔබේ පසුම්බියට පැමිණෙන මුදලට ගරු කල යුතුයි එමෙන්ම ගෙවිමක් කිරීමට අවශ්‍ය විට එය අකමැත්තෙන් නොගෙවා ලබන්නාට ඉන් යහපතක් වන සේ ප්‍රාර්ථනා කරමින් ගෙවීම් සිදු කිරීම අගරිතෝ ක්‍රමයේ අංගයකි. මෙය අනුගමනය කරන්නා වෙත පැමිණීමට මුදල් කැමැත්තෙන් බලා හොදින බව ජපන් වැසියෝ පවසති.

පසුම්බියට මුදල් අද්දවා ගැනීමේ ගුප්ත රහස් කිහිපයක් තිබේ. හොඳ සම්පූර්ණ එනසාල් ඇට 5 ක් පසුම්බියේ තබා ගැනීම ඉන් පළමුවැන්නයි. එය කුඩා බහාලුමක හෝ කොලයක ඔතා පසුම්බියේ තබා ගන්න . එය නොකරන විට උලුහාල් ඇට 8 ක් පසුම්බියේ තබා ගැනීම සිදු කරන්න . එය නොබැදපු උලුහාල් වීම ගැන විශේශයෙන් ප්‍රවේසම් විය යුතුයි . එමෙන්ම කුරුදුද හොඳ ධන ආකර්ශකයකි. ඔබේ පසුම්බියේ බහාලූ කුරුදු කැබැල්ලකට හෝ කුරුදු කුඩු ස්වල්පයකට ධන ආකර්ශකයක් සේ ක්‍රියා කල හැක. එමෙන්ම අමු කහ කැබැල්ලක්ද ධන ආකර්ශකයක් සේ ක්‍රියා කරන බව පැරණි ඉන්දීය ගුප්ත පොත් වල සදහන් වේ.

ධනවත් අයෙකුගෙන් කැමැත්තෙන් ලබාගත් කාසියක් පසුම්බියේ තබා ගැනීමත් ධනය ආකර්ශනය කරයි. මෙහිදී ධනවතා කැමැත්තෙන් එය ඔබට ලබා දිය යුතු වේ.  ඔබ යමෙකු ගෙන් ණය මුදලක් ලබා ගත්තේ නම් ඒ මුදල පසුම්බියේ බහාලීම සිදු කිරීමෙන් වළකින්න. එය ඉතා අසුභ ශක්තියක් ඔබේ පසුම්බියට ලබා දේ.  ඔබේ පසුම්බිය ඔබේ ජීවිතේ සියලුම අවශ්‍යතා සදහා මුදල් තැන්පත් කරන පසුම්බියට ගරු කිරීම කල යුතුයි . ඇතැමුන් එය කලිසම් සාක්කුවේ බහා එල්ලා තබයි එය ඉතා අසුභ ක්‍රියාවකි. එමෙන්ම නිවසට ගිය විට පසුම්බිය එහෙ මෙහෙ විසි කිරීමද එවැනිම අසුභ ක්‍රියාවකි. ඔබ පසුම්බිය ලට්ට ලොට්ට නැති පිරිසිදු ලී ලාච්චුවක තැන්පත් කරන්න . පසුම්බිය රාත්‍රී අඳුරට නිරාවරණය නොකරන්න. යට ලීයක් පරාලයක් යට ඇති ලාච්චුවක එය තැන්පත් නොකිරීමට වග බලා ගන්න . කොයිතරම් උත්සාහ කලත් මුදල් නොලැබෙන ,ලැබෙන මුදල් අත නොරැදෙන ඔබ ඔබේ පසුම්බියට මේ ක්‍රම අනුගමනය කර සාර්ථකත්වය අත් විදින්න.

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us