Helabima

ප්‍රතිශක්තිකරණය වැඩි කරලා ලෙඩට ඔරොත්තුදෙන විදියට ඇග හදන ස්භාවික ආහාර

බිනරි ඇතුගල


 

මේවනවිට ලෝකේ හැමෝම බලාපොරොත්තු වෙන්නෙ තමන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න . පැතිරෙන වෛරසය ට සාර්ථකව මුහුණ දෙන්න එන්නත් මාත්‍රා තුනම අරං ඉන්න අපි අපේ ආහාර වලිනුත් ඇගට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ඉහල නංවා ගත්තම බෝවෙන බෝ නොවෙන ඕනි ලෙඩකට බය නැතුව මුහුණ දෙන්න පුලුවන් . නිසි පෝශනයෙන් ගුනාත්මක ආහාර වලින් ප්‍රතිශක්තිකරණය ඉහල නංවන්න කැමති අයට සුදුසු ආහාර ගැන තමයි මේ ලිපියෙන් ඔබට රැගෙන ආවෙ

බතල

බීටා කැරොටීන් වලින් ඉතා පොහොසත් බතල විටමින් ඒ බහුල ප්‍රතිඔක්සිකාරකයකි පාරජම්බුල කිරන වලින් ඔබේ සම ආරක්ෂා කිරීමේ හැකියාවක්ද බතල සතු වේ.

මේද අඩංගු මුහුදු මාලු

ඔමේගා 3 මේද අම්ලය ප්‍රතිශක්තිකරණය ඉහල නැංවීමට සමත් සංයෝග අතරෙ ඉහළින්ම සිටියි. ඔමේගා 3 සහිත ස්භාවික ආහාර ඉතා අල්ප වන අතර සැමන් සහ ටූනා විශේශයේ මසුන් තුල බහුලව දක්නට ලැබේ.

ඉඟුරු කොත්තමල්ලි

ඉතා විශාල වශයෙන් පසුගිය කාලයේ ජනතාව ඉඟුරු කොත්තමල්ලි පානය කලත් එහි ඇති ප්‍රතිශක්තිකරණය වඩවන ගුණය ශරීරයට ලබා දීමට නම් කබලේ බැද උනු වතුරේ නටවා පාවිච්චි කල යුතුයි . වෛරස ආසාදන වලට එරෙහිව සටන් කිරීමේ සහ උණ අඩු කිරීමේ හැකියාව මේ සංයෝගය සතු වේ

කහ

ආසියානු ජනතාව විශබීජ නාශනයට නිතරම භාවිත කරන කහ ඉතා ඉහල ප්‍රතිශක්තිකරණයක් සිරුරට ලබා දේ. ඉන්දියාවේ කහ වැඩියෙන් භාවිත කරන ප්‍රාන්ත වල ජනයා අතර පිලිකා අවදානම පවා අවම බව පැහැදිලි වී තිබේ. කහ කුළු බඩුවක් වන අතර ව්‍යංජන වලට යෙදීම කහබත් සහ කහ කිරි ලෙස කහ ආහාරයට එක් කර ගත හැකි වේ.

 

By LanaSweet / Envato

සුදුලුනු

විටමින් c හා B වලින් පොහොසත් සුදුලුනු වල අඩංගු ඇල්සින් සංගඨකය බෝවන රෝග ඇති කරන වෛරස වලට එරෙහිව සටන් කරයි.කාටිලේජ සහ සංධි ප්‍රදාහයට ද සුදුලුනු අගනා ඖෂධයක් වේ

කොළපැහැ එලවලු

බ්‍රොකලි කරවිල බෝංචි මෑ ආදී කොළපැහැ එලවලු විටමින් C , A, E ප්‍රභව වේ. විටමින් ඒ වලින් පොහොසත් ආහාර ප්‍රතිශක්තිකරණය ඉහල නංවයි. විටමින් වර්ග ශරීරය ආරක්ශා කරයි.

ලූනු

ලංකාවෙ ඉතා බහුලව ආහාරයට ගන්නා ලූනු පොලිසැකරයිඩ බහුල ආහාරයකි. එම නිසා ඉහල ප්‍රතිශක්තිකරණයක් බලාපොරොත්තු වන අය අනිවාර්යයෙන් ලූනු ආහාරයට ගත යුතු අතර ඉන් රතුලූනු ඉතා විශේෂ වේ.

පැඟිරි කුලයේ පලතුරු

ලංකාවේ ඉතා විශාල වශයෙන් දෙහි දොඩම් ලෙමන් සිදරං ජමනරං ආදී පැඟිරි කුලයේ පලතුරු ඉතා සරුවට වැඩේ. විටමින් සී වලින් පොහොසත් පැඟිරි පලතුරු ඔබට ඉහල ප්‍රතිශක්තිකරණයක් ලබා දෙයි.බෝ නොවන රෝග වලින් ආරක්ෂා වීමට විටමින් C පෙති ලබා ගන්නවාට වඩා දෙහි දොඩම් මගින් එය සපුරා ගැනීම යහපත් වේ

ඩාක් චොකලට්

ඉහල කොකෝවා ප්‍රතිශතයක් අඩංගු ඩාක් චොකලට් හොඳ ප්‍රතිශක්තිකරණ ගුනයකින් යුත් ආහාරයකි. සෛල නිදහස් බැක්ටීරියා වලින් ආරක්ෂා කිරීමේ හැකියාව චොකලට් සතු ය. සෞඛ්‍ය සමතුලිත කරන චොකලට් තෝරා ගැනීමේදී සීනි අවම චොකලට් භාවිත කිරීමට ප්‍රවේසම් වන්න

නිවිති

යකඩ වලින් සහ විටමින් C වලින් පොහොසත් නිවිති ප්‍රතිශක්තිකරණ පද්ධතියට අවශ්‍ය පෝශනය ලබා දෙන ප්‍රභවයකි. එහි අඩංගු FLAVONOIDS සෙම්ප්‍රතිශ්‍යාවට එරෙහිව සටන් කරන නිසා බෝවන සෙම්ප්‍රතිශ්‍යාවට ලක් වන අයට හොඳ ආහාරයකි.

ග්‍රීන් ටී

ග්‍රීන් ටී හෙවත් හරිත තේ ශරීරයේ බර අඩු කරන පානයක් ලෙස බොහෝ අය පානය කලත් එයද නිවිති මෙන්ම FLAVONOIDS වලින් පොහොසත් නිසා බෝවෙන රෝග වලින් ඔබට ආරක්ෂාව ලබා දේ. කෝපි තේ වලට වඩා කැෆේන් අඩු නිසා නිරන්තර පානය ඉතා හිතකර වේ

බ්ලුබෙරි

ලංකාවේ එතරම් ප්‍රකට පලතුරක් නොවුනත් බ්ලුබෙරි ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් හෙබි ප්‍රතිශක්තිකරණය ඉහල දමන ආහාරයකි. ලංකාවේ ඔබට සීත කල බ්ලු බෙරි මිලට ගත හැක.

පෙරුකායන්

ලංකාවේ පසුගිය සමයේ ඉතා ජනප්‍රිය වු පෙරුකායන් ඉන්දියානු කුළු බඩුවකි. බොහෝ ඉන්දීය ආහාර වට්‍ටෝරු වල පෙරුකායන් එක් කිරීම කල යුතුයි. පෙරුකායන් වෛරස වලට සිරුරට ලගා විය නොහැකි ප්‍රතිශක්තිකරණය පලිහකි. ඉන් කොටසක් ශරීරයේ බැදීමද සිදු කරයි ගැබිනි මව් වරු පෙරුකායන් ආහාරයට එක් කර ගැනීමේදී ප්‍රවේසම් වන්න



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us