Helabima

ලේසියෙන් කැමතිම රැකියාව හොයාගන්න මේ ගුප්ත ක්‍රම අනුගමනය කරන්න

මේඝනා මන්දෝදරී


ඔබ මේ වෙද්දී තමන්ගේ සිහින රැකියාව හෝ මොනයම්ම හෝ රැකියාවක් බලාපොරොත්තු වෙන් ඉන්නව වෙන්න පුලුවන් . නැත්තං රැකියාවෙ උසස් වීමක් බලාපොරොත්තු වෙලා ඉන්නවා වෙන්න පුලුවන් . කොයිතරම් අවශ්‍ය සුදුසුකම් පලපුරුද්ද තිබුණත් ඒ සිහිනය ඉටු කරගන්න දිනෙන් දිනම කල් යනව නම් ඔබේ වාසනාව ටිකක් වැඩි කරගන්න ඕනි කියලා ඔබට හිතෙනවා ඇති. ඉතින් ගුප්ත ක්‍රම කියන්නෙ අන්න ඒවගේ ඔබේ වාසනාව ඉහල නංවන ක්‍රම වලට . එහෙනම් බලමු රැකියාවක් වෙනුවෙන් කරන්න පුලුවන් ගුප්ත ක්‍රම මොනාද කියලා .

වාසනාව ගේන පාට

සූර්යයායෙන් අපිට ලැබෙන පාට වලට පුලුවන් විශ්ව ශක්තිය එක්ක මුසු වෙලා අපේ වාසනාව වැඩි කරන්න . සම්මුඛ පරික්ශනයකට යද්දී රතුපාට ලේන්සුවක් හරි රතුපාට පොඩි රෙදි කෑල්ලක් හරි ඔබේ සාක්කුවෙ දාගෙන යන්න . රතු ඇඳුමක් අදින්න පුලුවන් නම් ගොඩාක් හොඳයි ඒත් රතු තද වර්ණයක් නිසා ලා රතු හෝ වෙනත් පාටක් එක්ක මිශ්‍රවූ රතු පාටක් එක්ක ගලපා ගන්න උත්සාහ කරන්න . ඒවගේම රැකියාවක් බලාපොරොත්තු වෙලා ඉන්න ඔබ ඔබේ නිදන කාමරේ කහ හෝ රන්වන් පාටින් වර්ණ ගන්වන්න. එම වර්ණ වාසනාව උද්දීපනය කරනවා.

කුරුදු වල ආකර්ශනීය ශක්තිය ප්‍රයෝජනයට ගන්න

කුරුදු ප්‍රභල ආකර්ශකයක්. කුරුදු රස කුරුදු සුවඳ ගුප්තමය කටයුතු වලදි ආකර්ශනය වෙනුවෙන් භාවිත වෙනව . ඔබ සම්මුඛ පරික්ශනයකට යාමට පෙර කුරුදු තෙල් ස්වල්පයක් ඔබේ සපත්තු වල ආලේප කරගන්න . කුරුදු තේ එකක් බොන්න . කුරුදු උනුසුම් වතුර සමග නටවා සීනි එක්කර හෝ නොකර දොඩම් පෙත්තක් සමග ඔබට කුරුදු තේ පිලියල කරගන්න පුලුවන් . වතුර බඳුනක් ලිප තියලා ඒකට කුරුදු දාලා නටවලා කුරුදු සාරය ලබාගන අලුත් ලේන්සුවක් ඒ වතුරෙන් පොගවා ගන්න . ඒ ලේන්සුව වේලලා අරං ගිහින් සම්මුඛ පරික්ශනයට පෙර තුන් වරක් ඉන් ඔබේ මුහුණ පිසින්න. ඔබට අන් අය ආකර්ශනය කරගෙන සම්මුඛ පරික්ශනයට සාර්ථකව මුහුණ දෙන්න කුරුදු ඔබට උදව් කරයි.

උතුර තමයි වැදගත්

වාස්තු විද්‍යාවේ රැකියාව ගැන කියවෙන්නෙ උතුරු දිශාවෙන්. ඒ නිසා ඔබේ ගෙදර උතුර අදුරු නම් කැළි කසල පිරී පරණ බඩු පුරවා වසා ඇති කාමරයක් උතුරේ තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන් ඒ ප්‍රදේශය පිරිසිදු කරලා ආලෝකමත් කරන්න .උතුරට අයත් මූල ධාතුව ජලය නිසා උතුරු දිශාවේ පොකුණක් මාලු ටැංකියක් ජල බදුන් ආදිය ස්ථාපනය කරන්න . ඒව කරන්න බැරි නම් නිල්පාට පිරිසිදු වතුර අඩංගු පොකුණු මුහුද සෙමින් ගලන ගංගා විල් ආදිය අඩංගු පින්තූර සවි කරන්න . දිය ඇලි පින්තූර නම් එයට ගැලපෙන්නෑ. උතුරේ නිදන කාමරයක් තියෙනවා නම් එහි කෙනෙක් නිදනව නම් ජලය තබන්න එපා . ඒවගේම උතුරු කාමරයේ ජලය සංකේතවත් කරන නිල්පාට බල්බ් එකක් දල්වන්නත් මතක තබාගන්න . මෙය පැය 12 ක් වත් දල්වා තියන්න වග බලා ගන්න .

By gstockstudio / Envato

විශ්වයෙන් ශක්තිය

මේ වනවිට විශ්වයේ ශක්තියෙන් අපිට අවශ්‍ය දේ ආකර්ශනය කර ගැනීම ගැන බොහෝ අය සාකච්ඡා කරනව . ඒ නිසා ඔබත් නිතරම තමන් බලාපොරොත්තු වෙන සිහින රැකියාව අත්පත් කරගෙන ඒ ස්ථානයේ සතුටෙන් රාජකාරි කරන ආකාරය සිතින් දකිමින් සතුටු වෙමින් ඒ සතුටට ස්තූතිවන්ත වෙන්න . පියඹා එන කුරුල්ලෙකුගේ රුවක් හෝ පිළිමයක් ඔබේ නිවසේ ප්‍රධාන දොර තුලින් නිවසට එන ආකාරයට සකසන්න. මේ සෑම ගුප්ත ක්‍රමයක්ම සිදු කල යුත්තේ එම රැකියාවට තේරී පත් වීමට ඔබ සුදුසු නම් බව අමතක නොකරන්න.

ලද රැකියාව රැකගෙන දියුණුව ලබන්නෙ මෙහෙමයි

ඔබේ කාර්යාල කාමරයේ ස්භාවය ඔබේ රැකියාවට යම් බලපෑමක් කරයි. ඔබේ රාජකාරි අසුන තබා ගත යුත්තේ පිවිසුම් දොරට මුහුනලායි. එවිට ඔබේ පිටුපසින් බිත්තියක් තිබීම ඉතා වටියි. කිසිසේත්ම හිස් අවකාශයකට හෝ ජනේලයකට පිටුපා අසුන් ගන්න එපා . කාර්‍යාලය තුල ඔබට පිටුපසින් කඳුකරයක හෝ හොදින් පැසුනු කෙතක චායාරූපයක් එල්ලන්න. තනි පුද්ගලයන් නපුරු සතුන් සිටින කොල හැලුනු ගස් ඇති අදුරු නිසරු චායාරූප කාර්‍යාලයේ තබාගන්න එපා . එමෙන්ම ඔබේ කාර්‍යාල මේසයේ උතුරු දිශාවේ රවුම් පත්‍ර ඇති සාරවත් නිරෝගී පැලෑටියක් ද ගිණිකොණ දෙසින් නැවුම් මල්ද තබාගන්න. කාර්යාලය හැකිතරම් පරණ ලිපි ලේඛන ගොඩගැසූ අපිරිසිදු ස්ථානයක් ලෙස පවත්වාගෙන නොයෑමට වගබලා ගන්න .



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us