Helabima

තමන්ගේම මල්ලිලා විවාහ කරගත් අග්‍රගන්‍ය සුරූපිනිය ක්ලියෝපැට්රා

රුවන්තිකා මධුශානි


ඇය කව්ද

එදා මෙදාතුර ලෝකයේ බුද්ධිමත්ම දක්ශම සහ අධිරාජ්‍යන් පවා වසග කරගත් රූපයකට හිමිකම් කියපු ලෝක ඉතිහාසෙ වෙනස් කරපු කාන්තාවක් ලෙස ක්ලියෝපැට්රා හැදින්වේ.ක්‍රිස්තු පූරව 69 දි ටොලමියානු රාජ වංශයේ 12 වෙනි ටොලමි රජුට සහ රජුගේම නැඟණිය වූ 5 වෙනි ක්ලියෝපැට්රා ට දාව උපන් ක්ලියෝපැට්රා ඇගේ පරපුරේ 7 වන ක්ලියෝපැට්රාවයි. ඊජිප්තුවේ වාසය කලත් ඔවුන් නියම ඊජිප්තු ලෙයට හිමිකම් නොකිව්වේ ටොලමියානු වංශය ග්‍රීසියෙන් පැවත ආ නිසායි. පිය රජුගේ උවමනාව මත ළමා කල සිටම අනාගත රැජිණ වීමට ශිල්ප හදාල ක්ලියෝපැට්රා වයස අවුරුදු 17 දි ඊජිප්තු රැජින ලෙස කිරුල දරන්නෙ පියාගෙ අභාවය නිසායි.

තමන්ගේ ම මල්ලිව විවාහ කරගත් සුරූපිනිය

ඊජිප්තු සංස්කෘතියට අනුව අවිවාහක ගැහැනියකට කිරුළ දැරිය නොහැකි නිසා ක්ලියෝපැට්රා ඒ කාලෙ ඊජිප්තුවේ සාමාන්‍ය සිරිතට අනුව තමන්ගේ අම්මා වගේම තමන්ගේ ම මල්ලිව විවාහ කර ගන්නවා . ඒ 13 වෙනි ටොලමිව. එවිට ඔහු 11 වියැති දරුවෙක් . එය ඇගේ පියා ජීවිත් වෙලා ඉද්දිම කල නියෝගයක් .ඇය ඉතා හොදින් ඊජිප්තුව පාලනය කලා ඇයට ලැබී තිබුණු රාජ්‍ය පාලන දැනුමෙන් ඇය ඊජිප්තුව ඉතා ඉහල තත්වෙකට රැගෙන ආවත් ඇගේ සැමියා මෙන්ම සොයුරා වූ 12 වන ටොලමි එය ඉවසුවෙ නෑ . හෙතෙමේ ඇයට විරුද්ධව කුමන්ත්‍රණ කරද්දි ක්ලියෝපැට්රා සිරියාවට පලා ගියා. එතනින් ඇය යලිත් ආවේ රෝමයට.

බුමුතුරුණක සැගවීසිට මහලු සීසර් අතට පත් වූ සුරූපිනිය

රෝමය ඒ වෙද්දී පාලනය කලේ ජුලියස් සීසර්. 57 හැවිරිදි විවාහකයෙක්වූ මහලු සීසර් මුනගැහෙන්න ක්ලියෝපැට්රා උපායක් යෙදුවා. ඇය අගනා බුමුතුරුණක් තමන්ගේ ඇගේ ඔතාගෙන කෙනෙක් ලවා බුමුතුරුණ සීසර්ට තෑගි කලා. තෑග්ග ලිහලා බලපු සීසර් මේ අග්‍රගන්‍ය රූපයකින් හෙබි කුමරිය දැකල අමන්දානන්දයට පත් උනා ඒ වෙද්දී ඔහු විවාහක වුවත් ඇය අනියම් බිරිය තනතුරේ තියාගන්න සීසර් කටයුතු කලා. සීසර් ඇයට වශී වුනා.

By IvaFoto / Envato

යලිත් ඊජිප්තුවට

මේ වෙද්දී ඊජිප්තුවේ රැජිණ වෙන්න ක්ලියෝපැට්රා ට තිබුන දැඩි උවමනාව නිසාම සීසර් ඇයට සේනා සංවිධානය කරලා ඊජිප්තුවේ කිරුල හිමි කර දුන්නා. එහිදී ඇතිවූ නයිල් සටනෙදි 13 වන ටොලමි හෙවත් ක්ලියෝපැට්රා ගෙ සැමියා මෙන්ම සොයුරා මියගියා. ක්ලියෝපැට්රා යලිත් තමන්ගේ අනෙක් බාල සොහොයුරාව විවාහ කරගෙන ඊජිප්තුවේ කිරුළ හිමි කරගත්තා. නාමිකව ඇය සහෝදරයන් සමග විවාහ උවත් ඇය පෙම් කලේ රෝම‍යේ අධිරාජ්‍යය සීසර් ට. සීසර්ට දාව ඇය පුතෙක් බිහි කලා. සීසර්ගේ නීත්‍යානුකූල බිරිඳට පුතෙක් බිහි කරන්න බැරි වීම නිසා මේ දරු උපත ඔහුව තවත් වශී කලා.සීසර් ඇයට කොයිතරම් වශී උනාදැයි කිවහොත් ඔහු රෝමය හැරදාල ඊජිප්තුවට ඇවිල්ල ක්ලියෝපැට්රා සමග වාසය කලා. මේ අතරේ ක්ලියෝපැට්රා තමන්ගේ දෙවන නීත්‍යානුකූල සැමියාවත් වස දී මරා දැම්ම . ඒ කියන්නෙ තමන්ගේ මල්ලි උණ 14 වෙනි ටොලමිව.

ක්ලියෝපැට්රා තනි වෙයි

මේ වෙද්දී අරාජික රෝමයේ සෙනවියෙක් වූ මාර්ක් ඇන්තනී ජුලියස් සීසර්ට විරුද්ධව යුධ ප්‍රකාශ කලා. සීසර් යලි රෝමෙට ගිහින් සටන් කලත් ඔහුගේම හිතවතුන් දෙන්නෙක් පිහියෙන් ඇනලා සීසර්ව ඝාතනය කලා. ක්ලියෝපැට්රා තමන්ට තිබුන ලොකුම ආරක්ෂාව අහිමි වීමෙන් අසරණ උනා .

අලුත් පෙම්වතෙක්

මේ අතරේ සීසර් මරා දමන්න මාක් ඇන්තනී උත්සාහ කලේ ක්ලියෝපැට්රා ලබා ගැනීමටයි කියලා අදහසක් පැතිරුනා. මේ ආරංචිය ක්ලියෝපැට්රා ගෙ කනටත් වැටුණා.ඊජිප්තුවේ ඉන්න රෝම හමුදා ගැන සාකච්ඡා කරන්න එන්න කියලා මාක් ඇන්තනි ක්ලියෝපැට්රා ට තුර්කියට ආරාධනා කලා. ක්ලියෝපැට්රා ඒ ගමනටම රත්තරන් නැවක් නිර්මානය කලා .ඇය සැරසුණේ වීනස් දෙවගන වගේ . ඇය තමන් ගමන් කරපු නැවට ඉදිරියෙන් සුවදවිලවුන් පිරුණු නැවක් දියත් කෙරෙව්වා. ඒ සුවඳින් මාක් ඇන්තනී මන්මත් වෙලා ඇගේ රූපය දැකල ඇය කෙරෙහි ආසක්ත වෙලා යුධ බලය ගැන කරන්න සූදානම් වූ සාකච්ඡාව අවසානයේ ප්‍රේම කතා බහක් උනා . මාක් ඇන්තනීත් ක්ලියෝපැට්රා ට වසග වෙලා ඇය එක්ක ඊජිප්තුවට ගියේ රෝමය ඔහේ අරාජික වෙන්න ඇරලා. ඔවුන්ට නිවුන් දරුවන් දෙදෙනෙක් ඇතුලු දරුවන් තිදෙනෙක් ලැබුණා .මාක් ඇන්තනී එක්ක ඊජිප්තුවට ගිය සැනින් ක්ලියෝපැට්රා කරේ තමන්ගේ කිරුළට ඉතුරු වෙලා තිබුණු එකම අභියෝගය වන තමන්ගේ සොයුරිය ආසිනෝව මාක් ඇන්තනී සමග එක් වෙලා මරා දැමීම . ජුලියස් සීසර් වගේම මාක් ඇන්තනීත් විවාහකයෙක්. මේ නිසා ඇයට මෙවරත් උනේ අනියම් බිරිඳක් වෙන්න . මාක් ඇන්තනී මුලින්ම වසග උනේ ක්ලියෝපැට්රා එන්න පෙරම ඈ වෙතින් හමා ආ සුවදට බවයි ඉතිහාසයේ පැවසෙන්නෙ.

By AtlasComposer /Envato 

සුවදවිලවුන් කර්මාන්‍තශාලාව සහ දැවැන්ත රූපලාවණ්‍යගාරය

මෙසේ අධිරාජ්‍යයන් පාලනය කල රජුන් පවා සිය රාජ්‍ය අතහැර එන්න තරම් ක්ලියෝපැට්රා රූමත් යැයි සිතුනත් ක්ලියෝපැට්රා ඇත්තෙන්ම බොහෝ සාමාන්‍ය රූපයක් තිබුණු කාන්තාවක්. ඇය මෙසේ පිරිමින් වසග කරගන්න භාවිත කලේ ඇගේ අනර්ඝ රූපලාවණ්‍යගාරය මගින් කෙරුනු කෘතිම හැඩගැන්වීම්. ක්ලියෝපැට්රා තරම් තමන්ගේ රූපය වෙනුවෙන් වියදම් කල වෙනත් කතක් නැති තරම්. ඇයට දිනපතා ස්නානය කරන්න බූරු දෙනුන් 700 කගේ කිරි අවශ්‍ය උනා. බූරු කිරි සමේ තාරුණ්‍ය ආරක්ශා කරන බව ඇය විශ්වාස කලා. මළ මුහුද ආසන්නයේ ඇයටම වෙන් වූ දැවැන්ත රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිශ්පාදනය කරන කම්හලක් තිබුනා. මෙය විශාල ස්පා එකකින් සමන්විත රූපලාවණ්‍යගාරයක් ලෙසත් පාවිච්චි වූ බවට සාක්ශි තියෙනවා . එහි මිනිස් මනස පාලනය කල හැකි විලවුන් පවා නිශ්පාදනය කරලා තියෙනවා .විවිධ රටවලට නැවු යවලා ඒ ඒ රට වල ඇති රෝස ඇතුලු මල් වර්ග තෙල් වර්ග විලවුන් සඳහාම ගෙන්වාගෙන තියෙනවා . ඇය මේ සුවඳ විලවුන් වට්ටෝරු එක් රැස් කරලා පොතක ලියා තිබුණත් ඇලෙක්සැන්ඩ්‍රා පුස්ථකාලයේ ඇතිවූ ගින්න නිසා ඒ අනර්ඝ ග්‍රන්ථය ලොවට අහිමි උනා . ඇස්වල අදුන් ගැල්වීම ගැනත් ක්ලියෝපැට්රා ප්‍රසිද්ධයි. ඇය නිතැතින්ම ඇස්වල අදුන් වර්ගයක් ආලේප කලා එය ඊයම් වලින් සෑදූ සංයෝගයක් . නයිල් ගඟ වාර්ශිකව පිටාර ගලලා ඊජිප්තු නිම්නය යට වෙලා වතුර බැහැල ගියාම ඒ පරිසරයේ අහිතකර බැක්ටීරියා බහුල වෙනව . ඒ බැක්ටීරියා ව ලින් ඇස් ආරක්ෂා කරගන්න තමයි ඇය මේ අදුන් පාවිච්චි කරේ.

By antonpetrus / Envato

අභිරහස් අවසානය

මේ අතරේ පර්සියානු යුද්ධයට ගිය මාක් ඇන්තනී ඒ යුද්ධයෙන් පැරදිලා පණ බේරගෙන නැවත ක්ලියෝපැට්රා ලගටම එනවා. ඇය ඔහු ඉතා ආදරයෙන් පිළි ගන්නවා .ඔහුගේ විශ්වාසනීයම ආදරනීයම පෙම්වතිය උනේ ක්ලියෝපැට්රා . මේ වෙද්දී රෝමයේ කිරුළ වෙනුවෙන් ගැටුමක් නිර්මානය වෙලා . ක්ලියෝපැට්රාටයි ජුලියස් සීසර්ටයි දාව උපන් සිසේරියන් කුමාරයා නියම රාජකීය ලේ ඇති සිහසුනේ උරුමක්කාරයා වෙන්න ඕනි කියලා මාක් ඇන්තනී ප්‍රකාශයක් නිකුත් කලා. ඒත් ඒක අහල රාජ්‍යත්වය ලබා ගන්න අර අදිමින් සිටි ජුලියස් සීසර් විසින් හදාගත් පුත්‍රයා නොහොත් ඔක්ටේසිස් දැඩිසේ කිපෙනව. ඔහු වහා සේනා සංවිධානය කරලා ඊජිප්තුව ආක්‍රමණයට සැරසෙනව. පර්සියානු යුද්ධෙත් පැරදිලා අඩපණ වෙලා හිටපු මාක් ඇන්තනීත් ක්ලියෝපැට්රාත් මෙතනදි ගොඩාක් අසරණ වෙනව . ඒ නිසා ඔවුන් සතුරා අතට පත්වීමට වඩා සියදිවි නසා ගැනීම හොඳයි කියන තීරණය ගන්නවා . මාක් ඇන්තනී එක්කම ක්ලියෝපැට්රා සියදිවි නසා ගන්නවා කියලා ඇතැම් තැන්වල සදහන්. ඒත් සමහර මූලාශ්‍ර කියන්නෙ මාක් ඇන්තනීගේ මරණයෙන් පස්සෙ ක්ලියෝපැට්රා අධික විස සහිත ඊජිප්තු නාගයෙක් තමන්ගේ පපුවට තුරුල් කරගෙන ඌ ලවා දශ්ඨ කරවාගෙන මියගිය බවයි. කෙසේ වෙතත් අදටත් ඇගේ මරණය සිදුවු ආකාරය අභිරහසක්. මාක් ඇන්තනී ගේ හෝ ක්ලියෝපැට්රා ගේ දේහයන් මිහිදන් කල තැනක් ගැන කිසිම සාක්ශියක් නෑ .ඒවගේම මිසර පරාවෝ චාරිත්‍ර අනුව සියලුම රජවරු රැජිණියන්ගේ දේහ මමි විදියට සංරක්ෂණය කරලා පිරමිඩ තුල තැන්පත් කලත් ඒ කිසිම තැනක ක්ලියෝපැට්රා ගේ මමිය නෑ . රෝමානු චාරිත්‍ර අනුව මාක් ඇන්තනීගේ සිරුර ආදාහනය කිරීමට බොහෝ ඉඩ තිබ්බත් ඒ භශ්මාවශේෂ වත් දක්නට ලැබෙන්නෙ නෑ . ඇත්තෙන්ම අදටත් ක්ලියෝපැට්රා ගේ මරණය ලොවට අභිරහසක්.2005 දි පිරමීඩ කැනීම් කරන ඉතිහාසඥයින් කණ්ඩායමක් තමන්ට ක්ලියෝපැට්රා මමිය සොයාගන්න ලැබුණා කීවත් අදටත් ඒ ගැන හෙලිදරව් වෙලා නෑ .



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us