Helabima

Online අධ්‍යාපනයේ වාසි අවාසි

රසංගා ප්‍රනාන්දු


කොරෝනා වසංගතය සමග Online මාධ්‍යයන් ඔස්සේ ඉගනීම් වැඩකටයුතු සිදුකිරීමට කටයුතු සැලස්වනු ලැබීමත් සමග පාසල් අධ්‍යාපනය පමනක් නොව උසස් අධ්‍යාපන කටයුතුත් අන්තර් ජාලය  ඔස්සේ සිදුකිරීමට පෙලබිණි. මේ අන්තර් ජාලය  ඔස්සේ දුරස්ථ අධ්‍යාපනය ගැන පසුගිය කාල සීමාවේ විද්වත් බලධාරීන් , ආචාර්ය මහාචාර්යවරුන් පවා විවිධ අදහස් දැක්විය.

තාක්ෂණයේ දියුනුවත් සමග කොරෝනා පැවති සමයේ සෑම ක්ශේත්‍රයකම අවපාතයක් තිබියදිත් එසේ හෝ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට ලැබීම සතුටට කරැනක් ලෙස ගෙනහැර දැක්විය හැකිය. අද දවසේ මේ ලිපිය තුලින් අපි කරැණු විමසනුයේ මේ Online දුරස්ථ අධ්‍යාපනයේ වාසි සහ අවාසි පිලිබදව සහ Online අධ්‍යාපනය තුලින් වඩා ඵලදායි ලෙස ඉගනීම් කටයුතු සිදුකරන්නේ කෙසේද යන්නයි.

Online අධ්‍යාපනය මීට වසර දෙකකට කලින් නම් අපට නුහුරු නුපුරුදු දෙයක්. නමුත් වර්තමානයේ Zoomතාක්ෂණයත් සමග එය ඉතාමත් සුපුරුදු දෙයක් වී හමාරයි. අප මුලින්ම මෙහි තිබෙන වාසි සහගත බව ගැන අවධානය යොමු කරමු.

කාලය ඉතිරි වීම

කාලය ඉතාම වටිනවා. ඔබට මට අපි හැමෝටම ඕනෑම දෙයක් කැපවීමත් සමග නැවත කෙසේ හෝ ලබාගත හැකි වුවත් මේ මොහොතේ ගතවන කාලය නැවත කෙදිනකවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රයෝජනවත්ව කාලය භාවිතා කිරීමේ ඉතාම වැදගත්. Online අධ්‍යාපනය තුලින් පාසලට, පංතියට ,උසස් අධ්‍යාපන ආයතනයට යන්නට එන්නට ගතවන කාලය ඉතිරිවෙනවා. ඒ කාලයත් අධ්‍යාපන වැඩ කටයුතු වලට යොදාගත හැකියි. එය ඉතාම වාසි සහගතකරුණක් ලෙස හදුනාගත හැකියි.

By PerfectWave003 / Envato

තමන්ට කැමැති ඕනෑම උසස් අධ්‍යාපන ආයතනයකින්, ගුරුවරයෙකුගෙන් අධ්‍යාපනය ලැබිය හැකි වීම.

මෙයද ඉතාමත් වටිනා වාසියක් ලෙස දැක්විය හැකියි. මීට අවුරුදු කිහිපයකට ප්‍රථම අපි කැමැති ගුරුවරයා ලගට,අධ්‍යාපන ආයතනය වෙත අපිට යාමට හැකියාවක් තිබුනේ නෑ. නමුත් දැන් තත්වය ඉතාම වෙනස්. Zoom තාක්ශනයහා Google meet වැනි applications මගින් ඉතාමත් පහසුවෙන් ඔබ කැමති ගුරුවරයාගන්, අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපනය ලැබිය හැකියි.

Recording පහසුකම සහිත වීම

බොහෝවිට මේ online අධ්‍යාපනික පහසුකම් සමග අපට විවිධ පාඩම් recording භාවිතා කර නැවත නැවතත් නැරඹීමට හැකියාවක් තියනවා. ඒ තුලින් අදාල පාඩමේ නොතේරෙන කරුනු උනත් නැවත බලා තේරුම් ගැනීමටහැකියාවක් පවතිනවා.

රාත්‍රී කාලයේ උවත් අධ්‍යාපනික වැඩසටහන් පැවත්විය හැකිවීම

කාලය ගැන වදවීමට අවශ්‍ය නොවෙන නිසා නිවසේ සිටම රාත්‍රී කාලයේදිත් අධ්‍යාපනය ලැබිය හැකිවීම.බොහෝවිට තමන්ගේ පහසුව පරිදි කැමති කාලරාමූ වෙන්කර ගත හැකි වීම. මෙවැනි වාසීන් රැසක් Online අධ්‍යාපනය නිසා වර්තමානයේ ලැබී තිබෙනවා. විශේෂයෙන්ම රැකියාවක් කරන තරුණ තරුණියන්ට උවත් බාධාවකින් තොරව රැකියාව සහ උසස් අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගැනීමට මේ මගින් හැකියාව ලැබී තිබෙනවා.

අපි දැන් අවාසි සහගත තත්වයන් ගැනත් අවධානය යොමු කරමු.

Distractions -බාධාවීම් සම්බන්ධ තත්වයන්

නිවසේ සිට අධ්‍යාපනය ලබන නිසා සිදුවිය හැකි විශාලම අවාසි සහගත තත්වය මෙයයි. නිවසේ විවිධ ශබ්ද,සහෝදර සහෝදරයින් සමග ගැටුම්, ජංගම දුරකතනය භාවිතයට පෙලබීම් සම්බන්ධ තත්වයන් දැක්විය හැකියි. විශේෂයෙන්ම ජංගම දුරකතනය භාවිතා කර සමාජ මාධ්‍යයන් භාවිතයට යොමු වීම නිසා පාඩම කෙරෙහි ඇති අවධනය බිද වැටිය හැකියි. බොහෝ විට recording option එක ඇතිබව දන්නා නිසා පාඩමට අවධානය නොදී පසුව එය නැරඹීමට සිතුවත් එය සිදුවන්නේ නැහැ.

සමාජශීලී බව අඩුවීම

මේ තත්වය බොහෝවිට බලපාන්නේ පාසල් අධ්‍යාපනය ලබන දුවා දරුවන්ටයි. කුඩා කාලයේ සිටම දුරස්ථ අධ්‍යාපන ක්‍රමයන්ට යොමු වීම නිසා මිතුරන් ඇතිකර ගැනීමට බිය වීම, ගුරුවරුන්ට මුහුන දීමට් බිය වීම, සමාජ ආශ්‍රම සදහා බිය වීම වැනි තත්වයන් ඇති විය හැකියි. මේ නිසා ක්‍රීඩා වැනි අංශවලට පෙලබීමට නොහැකි වීම නිසා ළමා කාලයේ සුන්දර බව විදීමට තාක්ෂණය නිසා බලපෑමක් ඇති විය හැකියි.

By FlamingoImages / Envato

විවිධ තාක්ශනික දෝශයන් පැනනැගිය හැකි වීම

විදුලි විසන්දි වීම්, ‍යොදාගන්නා තාක්ශනික මෙවලම් වල දෝශ පැන නැගීම, අන්තර්ජාල පැකේජ පහසුකම් ප්‍රමාණවත් නොවීම වැනි තාක්ශනික දෝශයන් ඇතිවිය හැකිවීම. මෙවැනි අවාසි සහගත තත්වයන් ඇතිවිය හැකියි.

මේ ලිපිය පුරාවට විමසූ මෙවැනි වාසිසහගත තත්වයන් මෙන්ම අවාසි සහගත තත්වයන්ද මේ Online දුරස්ථ අධ්‍යාපනය ක්‍රමය නිසා ඇතිවී හැකි බව දැකගත හැකියි. වැදගත් වෙන්නේ ඔබ කොතරම් දුරට අවාසි සහගත තත්වයන් මගහරවා ගෙන වාසි සහගත තත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්නේද යන්නයි. ඉතින් වාසී සහගත තත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන පාසල් අධ්‍යාපනය වේවා උසස් අධ්‍යාපනය වේවා සාර්ථක කරගැනීම ඔබගේ වගකීමක් බව ඔබට මතක් කරන්නට කැමැතියි.

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us