ගෙදර පරිභෝජනයට පහසුවෙන් බිම්මල් වවා ගන්නෙ මෙහෙමයි
ජීවන බර අහස උසට නැග ඇති මේ මොහොතේ බොහෝ අය නිවසේ පරිභෝජනයට කුඩා වගාවක් සකස් කර ගැනීමට පෙළඹෙමින් සිටිති. ඒ කුඩා වගා අතරේ වියදමක් නැතුවම බිම්මල් වගා කරග්න්න අවස්ථාව ලැබුණොත් එය ඔබේ මානසික සුවයට පසුම්බියට මෙන්ම ගතටද සුවදායක වනු ඇත. ඉතා රසවත් බිම්මල් වර්ග 2 ක් නිවසේ ඉතා ලේසියෙන් රෝපණය කරගන්නා ආකාරය මින් ඔබ වෙත ගෙන එන්නෙමු. අපි මින් පෙර වගා කල නොහැකි කැලෑවල ඉබේ පිපෙන ඉදලෝලු තවලන් රත්කැවිල්ල ආදී ස්භාවික බිම්මල් ගැනත් ඔබව දැනුවත් කළෙමු.
බිම්මල් යනු දිලීරයකි. එය ඉතා ඉක්මනින් අනෙකුත් දිලීර හා බැක්ටීරියා වල ප්‍රහාරයට ලක් වේ ඒ නිසා මේ සම්පූර්ණ ක්‍රියාවලිය ඉතා පිරිසිදුව ජීවානුහරණය කරමින් පවත්වාගෙන යා යුතුයි . මූලික ස්ථරය සකස් කරගත් පසු සති දෙකතුනකට පසු ඔබට බිම්මල් අස්වැන්න නෙලා ගත හැක. එම නිසා සතියකට වරක් බිම්මල් රෝපණය කිරීමෙන් ඔබට අඛණ්ඩව බිම්මල් අස්වැන්න ලැබෙනු ඇත.
ඔයිස්ටර් බිම්මල් ගෙදර දීම වවා ගමු
වියලි දුඹුරු පැහැවූ කෙසල් කොල සපයා ගන්න . එම කෙසල් කොල තියුණු පිහියක් ආධාරයෙන් අගල් 2/3 කුඩා කැබලි වලට කපා ගන්න . දැන් මේවා ජීවානුහරණය කල යුතුයි . ලොකු මුට්ටියකට කෙසල් පඩරැල් දමා ඒවා වැසෙන තරමට ජලය එක් කර පැය 2 ක් පමන තම්බා ගන්න . මේවා සම්පූර්ණයෙන් නිවුණු පසු පිරිසිදු මතු පිටක වියලා ගත යුතුයි . අතින් මිරිකූ විට වතුර බේරෙන්නෙ නැති යම් තෙතක් සහිත වන තරමට පමණක් මේවා වේලා ගත යුතුයි .
By Ivanoff_Dm / Envato
ඉන්පසුව ඔබේ අත් හොදින් සැනිටයිසර් කරගෙන පැත්තක් සීල් කල පොලිතින් බෑගයේ පතුලට කෙසල් කොල දමා අතින් තද කරන්න . අතින් තද කර අවසානයේ සෙන්ටිමීටර 3 ක් පමන උස් වන තට්ටුවක් සකසා ගෙන බිම්මල් බීජානු එය මත වටේට තැන්පත් කරන්න . නැවත කෙසල් කොල තට්ටුවක් අසුරන්න. මෙසේ කෙසල් කොල තට්ටු 4 ක් පමණ සහ බීජාණු තට්ටු 4 ක් පමණ යොදන්න.
දැන් ඔබ පොලිතින් මල්ලේ කට තදින් බැද රබර් පටියකින් සීල් කරගන්න . ඇල්පෙනෙත්ත ගෙන එය සැනිටයිසර් කර එයින් එම මල්ල තැන් තැන් වලින් සිදුරු කරන්න . නිදහස් වියලි සිසිල් අදුරු තැනක මෙය තැබිය යුතුයි . ඔබට එවැනි තැනක් නැත්නම් මේසයක් මත තබා කාඩ්බෝඩ් පෙට්ටියකින් ආවරණය කරන්න . සති තුනක් මෙය නිසොල්මනේ තබා එලියට ගෙන බැලූ විට බෑගය පුරා සුදු පැහැ දිලීර ජාලා වර්ධනය වී තිබෙනු ඔබට දැකිය හැක. ඉන්පසුව ඔබ බ්ලේඩ් එක සැනිටයිසර් කර බෑගය මත අගලක පමණ කැපුම් යොදන්න. දින කිහිපයකින් මලු නිරීක්ෂණය කළවිට එම කැපුම් තුලින් සුදු පැහැ බිම්මල් මොට්ටු මෝදු වනු ඔබට දැකිය හැක. ඔබ දිනකට දෙතුන් වතාවක් ස්ප්‍රේ බෝතලයක් මගින් වතුර ඉසිමින් එම කැකුළු තෙත් කල යුතුයි . එසේ දින කිහිපයක් කිරීමේදී නැවුම් සුන්දර ඔයිස්ටර් බිම්මල් නෙලා ගැනීමේ අවස්ථාව ඔබට උදා වනු ඇත
බීජ නැතුව බට්න් බිම්මල් වවමුද
ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුනත් බොත්තම් හතු නොහොත් බට්න් බිම්මල් ඉතා රසවත් පෝශදායි ආහාරයකි. මේවා නැවුම්ව මිලදී ගැනීම ලංකාවේ එතරම් සුලභ නොවුවත් ටින් කරන ලද බට්න් බිම්මල් ඕනෑම සුපිරි වෙලදසැලක දක්නට ලැබේ . මේවා මිල අධිකය. නමුත් මේ ක්‍රමයෙන් ඔබට ඉතා පහසුවෙන් නිවසේදීම බට්න් බිම්මල් සාදා ගැනීමේ හැකියාව ලැබේ.
By Ivanoff_Dm / Envato
අවශ්‍ය ද්‍රව්‍ය
පිදුරු අඟල් 2/3 ක පමන කැබලි වලට කපා නටන වතුරේ විනාඩි 5 ක් තම්බා පෙරා ගන්න . පෙර පරිදි අතින් මිරිකූ විට වතුර බේරෙන්නෙ නැති පදමින් පිදුරු වේලා ගන පෙට්ටියේ පතුලට පිදුරු තට්ටුවක් අසුරා ගන්න .
බිම්මලේ කඳ කොටස පියලි ගලවා කුඩා කොටස් වලට වෙන් කරගන්න . ඊස්ට් මේස හැදි එක ඉතා ලා උනුසුම් වතුර මේස හැදි තුනකට මිශ්‍ර කර සක්‍රිය කරගන්න එයට බිම්මල් නටු කොටස් එක් කර ද්‍රාවණයක් සකසා ගන්න
පිදුරු ඇතුරූ පෙට්ටිය ගෙන ඒ මත ඊස්ට් බිම්මල් නටු ද්‍රාවණය විසිරුවන්න. ඒ උඩින් සමව පැතිරෙන සේ කෝපි කුඩු ඉහන්න. පෙට්ටිය හොදින් වසා තබා දින දෙකකින් විවෘත කර බැලූ විට දිලීර ජාලා සුදු පැහැයෙන් වර්ධනය වී තිබෙනු දිස් වේ. දින දෙකකි න් එය විවෘත කර නැවතත් තම්බා ගත් පිදුරු සියුම් තට්ටුවක් ඒ මත විසිරුවා කෝපි කුඩු ඒ මතින් ඉසින්න. මේ පෙට්ටිය වහන්නෙ නැතුව දින පහලවක් විතර තිබ්බම ඔබට ඉතා ලස්සනට බට්න් බිම්මල් පිපී තියෙනවා බලන්න පුලුවන් . ඉතා අඩු ඉඩක උනත් මේව්ගේ පෙට්ටි කිහිපයක බිම්මල් වගා කරගන්න ඔබට අවස්ථාව ලැබෙනව . බිම්මල් ගෙදරදීම වගා කරගන්න ක්‍රම රාශියක් තියෙනවා ඉදිරියේදිත් ඔබට ඒව අරං එන්න අපි බලාපොරොත්තු වෙනව ..
Copyright © 2014-2022 Helabima. All rights Reserved.