Helabima

ඔබේ බිරිඳත් මේ වැරදි කරනව නම් ඔබට කවදාවත් දියුණු වෙන්න ලැබෙන්නෑ

බිනරි ඇතුගල


නිවසකට ශ්‍රී දේවියක් වෙන්නෙත් මූ දේවියක් වෙන්නෙත් නිවසේ ප්‍රධාන කාන්තාව . නිවසේ කාන්තාව අතින් සිදුවන සමහර වැරදි නිසා ඒ නිවසට අවාසනාව ඇතුල් වෙනව . එතකොට තමයි කොයිතරම් මුදල් ඉපයුවත් දියුණුවක් නෑ සතුටක් නෑ හැමදාම ලෙඩ මත ගැටුම් වගේ ප්‍රශ්න ඇති වෙන්නෙ. ඉතින් සමහර විට ඔබේ බිරිද නොදැනුවත්ව මේ දේවල් කරනව වෙන්න පුලුවන් . දැනුවත්ව කලත් නොදැනුවත්ව කලත් ඒ වැරදි වලින් ඔබේ නිවසට වෙන්න පුලුවන් හානිය අති විශාලයි. ඒ නිසා නිවසේ කාන්තාවක් අතින් සිදු විය යුතු සහ නොයුතු කාරණා රැසක් අපි ඔබට රැගෙන එනව

රෙදි හෝදන සාපය

ඔබේ නිවසේ රෙදි හෝදන්නෙ ඇදිරි වැටුණු පසු නම් , ඔබේ නිවසේ වැල් වල ඇදිරි වැටුණු පසුත් රෙදි වනා තියෙනවා නම් එය ඉතා අසුභයි. එයින් නිවසේ ධනය සේදී යන්න පුලුවන් .ඒවගේම ධනය අසනීප සඳහාම වැය වෙන්න ත් පුලුවන් . යම් කාන්තාවක් නිවස ඇතුලේ තෙත රෙදි වනනව නම් ඔබේ ධනය කවදාවත් රැදෙන්නෙ නෑ . ඒ රෙදි වලින් ජලය වාශ්ප වෙලා යනව වගේම ඔබේ ධනයත් අහිමි වෙන්න පුලුවන් .

By LightFieldStudios / Envato

කුස්සියේදි පරිස්සමෙන්

අපි මීට පෙරත් ධනවත් වෙන්න කැමති ඔබ ඔබේ කුස්සිය තියාගන්න ඕනි විදිය කියලා දුන්නා. ඒවගේම ලුණු බෝතලේ ධනය එක්ක කොයිතරම් සම්බන්ධ ද කියලා ත් අපි ඔබට කිවා. ඒ නිසා ඒ ගැන අමුතුවෙන් සදහන් කරන්නෙ නෑ . ඔබට ඒවා මේ තැන් ක්ලික් කිරීමෙන් දැනගන්න පුලුවන් . නිවසේ කුස්සියේ ඔබේ බිරිද අපිරිසිදු බදුන් හෝදන්නෙ මහා හඩින් ඒවා ශබ්ද කරමින් නම් ධනය ඔබේ නිවස හැර යනව . ඒවගේම උයන ලිප මත ඉදුල් වලං ගොඩ ගහල නම් . රාත්‍රියේ ඉදුල් වලං පවිත්‍ර නොකර නිදා ගන්නවා නම් සිරි දුව ඒ නිවස හැර යනව . සමහර කාන්තාවන් උයන බදුන් වලම ආහාර ගන්න පෙලඹෙනව එය ඉතාමත් අසුභයි. ඒවගේම දරුවෝ හෝ සැමියා බාගෙට කාලා ඉවර කරපු ඉදුල් පිගානටම බත් බෙදන් කන කාන්තාවට ජීවිතේ කවදාවත් සැනසුමක් නම් හිමි වෙන්නෙ නෑ . ඒවගේම කාන්තාවක් දොරකඩ සිට ආහාර ගන්නවා නම් ඒ නිවසේ සෞභාග්‍යය පවතින්නෙත් නෑ . කාන්තා පිරිමි වැඩිහිටි ඔබ කෑම කද්දි වටේ ඉහිරෙනව නම් එය ඔබ වටා පවතින අසුභ ශක්තිය ඉතා වැඩි බව කියන ලකුණක්. ඒවගේම ආහාර අපතේ යවන නිවසකට නම් කවදාවත් සෞභාග්‍යය ලගා වෙන්නෙ නෑ . ඔබේ නිවසේ ඉතුරු ආහාර සතෙකුට හෝ දෙන්න . එම ආහාර නිකම් බිමට විසි නොකර පත්තර පිටුවක් මතට හෝ හලා සතෙකුට දීමෙන් බොහෝ අපල උපද්‍රව අසුභ ශක්තීන් ඔබෙන් ඈත් වෙනව .

කොස්සට ඔබ ගරු කරේ නැත්තං ප්‍රතිපල භයානකයි

ඔබේ නිවසේ හැම අහු මුල්ලක්ම පිරිමදින නිවස පිරිසිදු කරන කොස්සට නිතැතින්ම ඔබේ ගෞරවය හිමි විය යුතුයි . ඔබ කොස්සට අගෞරව කළොත් ඉන් ලැබෙන ප්‍රථිපල ඔබව පහලට ඇද දමනු ඇති. ඒ නිසා කිසිම අවස්ථාවක ඔබ නිවස අතු ගාන කොස්සෙන් මකුළු දැල් කඩන්න හෝ කැරපොත්තන් මකුළුවන් ආදී සතුන් මරා දමන්න සතුන්ට හිංසා කරන්න එපා . එය ඉතාමත් අසුභයි. කැඩුණු කොස්සකින් ගේ අතු ගෑමත් ඔබේ නිවසින් සිරි දුව පලා යන්න හේතුවක්. නිතරම මාස තුනකට වතාවක් වත් අලුත් කොස්සක් ගන්න . කොස්ස හැමවිටම නිවසෙන් එළියේ බිම තබන්න. කවදාවත් කොස්සට උඩින් පනින්න එපා . ඒ වගේම නිවස අතු ගා ප්‍රධාන දොරෙන් කුණු ඉවත් කරන්න එපා ප්‍රධාන දොරේ සිට පිටු පසට අතු ගාන්න .එය ධනය අහිමි වන ඉතාමත් අසුභ පුරුද්දක්. ඒවගේම නිතරම ගේ අතු ගෑමත් ධනය අතු ගෑවියන අසුබ ක්‍රියාවක් බව වාස්තු විද්‍යාවේ පවසනවා. ඒ වගේම අදුරු වැටුනාට පසු නිවස අතුගෑම මිදුල අතුගෑමත් ඒතරම් සුභ නෑ

By twenty20photos / Envato

දොරට ගරු කරන්න

ඔබේ නිවසේ වෙසෙන ආදරනීයන් ඔබේ ධනය ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන දොරවල් වලට නිසි ගරුත්වය දැක්විය යුතුයි .යම් කාන්තාවක් මහ හඩින් දොරවල් වසනවා නම් ඇය ඒ නිවසින් සිරිදුව පලවා හරී. එමෙන්ම ප්‍රධාන දොර පියන් දෙකක් නම් ඉන් එකක් පමණක් ඇරීමත් ඉතා අසුභයි. දොරවල් කකුලෙන් ඉනෙන් ගසා වැසීමත් අසුභ ක්‍රියාවක්. ප්‍රධාන දොර ඇරෙන වැහෙන විට කිරි කිරි හඩ නැගීම. බිම සහ දොර එකිනෙකට ගැටී හිරවීමත් අසුභයි. නිතැතින්ම උදෑසන සියලුම දොර ජනෙල් විවර කර නිවසට හිරු එළිය ගලා එනවා නම් එය ඉතා සුභ ක්‍රියාවකි. එමෙන්ම නිවසේ ප්‍රධාන කාන්තාව දිනපතාම උදෑසන ප්‍රධාන ගේට්ටුව ඉදිරියේ පිරිසිදු ජලය ඉස තෙත් කරනවා නම් එය ඉතා සුභ ක්‍රියාවක් බව කිව යුතුයි ..

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us