Helabima

Nude කියන්නේ කුණුහරපයක් නෙමෙයි - ගණිකාවෝ ටිකක් මේක කාලා - ගයත්‍රී ජයමාන්න

මෙවන් රිටිගල


ගයත්‍රී ජයමාන්නලංකාවේ ජනප්‍රිය සහ සුපිරි තලයේ සිටින නග්න නිරූපිකාවකි. 

ඇය විවිධ විවේචනයට ද ලක් වූ අවස්ථා ද ඇත. නමුත් තමන්ගේම ගමනක් හදාගෙන නමක් රඳවා ගනිමින් ඇය යන ගමනක් ඇත. ආකර්ශනීය නග්න නිරූපිකාවක් වන ඇය මෙරට සිටින එකම ප්‍රොෆෙෂනල් මට්ටමේ සිටින නග්න නිරූපිකාව ලෙස හැඳින්විය හැකිය.

නිරූපණ ශේෂ්ත්‍රය දැවැන්ත විවේචනයකට ලක් වෙනවා. නිසිලෙස ඉගෙන ගන්නත් තැනක් නැති වෙලා

අධ්‍යනය වැදගත්. ලංකාවේ නිරූපණ ශේෂ්ත්‍රයේ ඇකඩමිය එකක් නැහැ. හරි හමන් ගුරුවරයෙක් නැති වුණාට, ඕන තරම් ක්ලාස් තියෙනවා. නිරූපණ ගුරුවරු නමින් ඉන්නේ ගොඩක් අය ගුරුහොරු. අපේ රටේ කලා ශේෂ්ත්‍රයේ බොහෝ පැති වලට ඇකඩමි ලෙවල් එකක් නැහැ. 

ඒ නිසාම ප්‍රමිතිය අඩු වෙලා, මොඩ්ල්ස්ලා මුදලට විකිණෙනවා ?

දැනුමක් නැහැ. තමන්ට තමන් ගැන දැනුමක් වගේම දැනීමක් නැහැ. ඇයි මගේ ශේෂ්ත්‍රය ගණිකා මඩමක් කරගෙන තියෙන්නේ. මේක ගණිකා මඩමක් නෙමෙයි. මේකේ ඉන්න ගණිකාවෝ ටික මේකෙන් යන්න ඕන. තමන් තමන්ට ආදරේ කළ යුතුයි. තමන්ගේ රැකියාවට අවංකව ආදරය කරන්න. අවංකව ගෞරව කරන්න. ඒක නැත්නම් හම්බ කරන මුදලට වටිනාකමක් නැති වෙනවා. ටික්ටෝක් ඇප් එකත් කාලා. අද බහුතරය ටික්ටෝක් එකෙන් මොඩ්ල්ස් ලා වෙලා. ඇප් එකත් ගණිකා මඩමක් කරලා. තමන් තෝරා ගන්න ශේෂ්ත්‍රය කුමක් වුවත් දැනුමක් ඇතුව එන්න.

නිරූපිකාවක් කොහොමද ඉන්න ඕන ?

නිරුපිකාවකාගේ ප්‍රධාන දේ තමන් ඉදගන්න විලාශය, කතා කරන විලාශය, තැනේ හැටියට ඇණේ ගහන්න දැන ගන්න ඕන. මේ හැම දේකදිම විනයක් තියා ගන්න ඕන. හැමෝම දන්නවා ඇවිදින්න. ශේෂ්ත්‍රයේ තියෙන ගෞරවය කරන්න. කරන්න බැරිනම් මේක ගණිකා මඩමක් නොකර යන්න කියලයි මම කියන්නේ.

ඔබ මුදලට විකිණිලා නැත්ද ?

කවදාවත් නැහැ.

ඒ ආකාරයෙන් අයුතු යෝජනා ඇවිල්ලත් නැත්ද ?

ඇවිල්ලා නැහැ කියන තැන මම නැහැ. නමුත් මට හොද කටක් තියෙනවා. ඒ නිසා යෝජනාවක් දාන කෙනා දෙපාරක් හිතෙනවා. මට කතා කරන කෙනා වෙන ටයිප් එකකින් එනවා නම් මන් කියන්න තියෙන දේ කෙළින්ම කියනවා. මගෙන් එහෙම යෝජනා ප්‍රොෆෙෂනල් අහලා තියෙනවා. මමත් ඒවාට ප්‍රොෆෙෂනල් උත්තර දීලා තියෙනවා. මගෙන් ඔහු ඇහුවා එක රෑකට හම්බ වෙන්න මම සාමානයෙන් ලංකාවට ආවම එහෙම මොඩ්ල්ස්ලා ව සල්ලි වලට ගන්නවා. මම ඔහුට කිවුවා මගේ රැකියාව මොඩ්ලින් තමයි එතනින් එහාට මම කිසිම කනෙක්ෂන් එකක් තියා ගන්නේ නැහැ කියලා මම කිවුවා. ඔහු එය තේරුම් අරන් අයින් වුණා.

ඒ කියන්නේ තමන්ගේ කම රැකගෙන ඉන්න පුළුවන් ?

ඔව් අනිවාර්යෙන්. තමන්ට ඩීල් යන්න අවශ්‍ය නම් තමන් පුද්ගලිකව ඒක කර ගන්න. මගේ ශේෂ්ත්‍රය නම් ගණිකා මඩමක් කරන්න එපා කියලා මම ශේෂ්ත්‍රයට එන හැමෝගෙන්ම ඉල්ලනවා. තමන්ගේ අකටයුතුකම් වලට මගේ රැකියාවේ නම භාවිතා කරන්න එපා.

ඔබ කුමන හෝ කාලෙක කිසියම් වූ මත්ද්‍රවය වලට නැඹුරු වෙලා තියෙනවා ද ?

මම ගමක ඉදලා ආව කෙනෙක්. මම අද වෙනකල් වයින් එකක්වත් බොන්නේ නැහැ. මට පියවි සිහියෙන් ඉන්න ඕන. මම බොන්නේ නැති එක මගේ ප්‍රතිපත්තිය. අපි මධ්‍යස්තව ජිවත් වෙන්න ඕන. මම සම්පුර්ණ කෙනෙක් නෙමෙයි. ගොඩක් අය ලිංගිකත්වය සහ මත්ද්‍රවය රැකියාව තුලට ගෙනෙල්ලා තියෙනවා. තමන්ගේ රැකියාව අවසිහියෙන් කරන්න බැහැ. 

ඔබ මනා ලෙස සිරුර තබා ගන්න මොනවද කරන්නේ ?

මම නිතරම අධ්‍යනය කරනවා. නිරූපිකාවකට අතවශ්‍ය කරුණක් නම්‍යශිලිත්වය. කට පාලනයක් නැති නිසා සිරුර වෙනස් වෙනවා. සිරුරේ හැඩය වැදගත්. මගේ විශේෂ රහසක් නැහැ. මම හරියට වතුර බොනවා.සතියට සැරයක් හොද කැඳ එකක් බොනවා. උදේ නැගිට්ට ගමන් කට සොදන්නේ නැතුව වතුර වීදුරු 4ක් බොනවා. හුගක් අය කතා කරන්නේ බොරු ක්‍රීම් ජාති එක එක ටැබ්ලට් ජාති තනිකර බොරුවක් කියලයි මම හිතන්නේ. ස්වභාවිකත්වය රැක ගන්න ඕන. වද මල් නිල්කටරෝඩු වෙනිවැල් ගැට බොන්න හරිම ආසයි. තුන් වේළෙම බත් කනවා. ඒවගේම මම ආසයි නිදහසේ නිදහස් මනසින් ජිවත් වෙන්න. 

නිරුවත් කාන්තා රූපයක් තවම මිනිස්සු පිරිසු මනසින් දකින්නේ සුදානම් නැහැ. ඒ දෙස බලන්නෙම වැරදි විදියට ?

අපේ නිසියාකාර ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් නැති කමයි මේ. මේ මුලාරම්භය ගන්නේ නැතුව හැමදාම අපිට අපචාර දුෂණ අහන්න දකින්න වෙනවා. දරුවෝ අපයෝජනයට ලක් වෙනවා. අද කි දෙනෙක් දරුවෝ දුෂණය වෙනවා නොකියවෙන වාර්තා නොවන කතා කොච්චර ඇත්ද එතනින් එහාට කාන්තාවෝ ගැන කුමන කතාද ? ලිංගික අධ්‍යාපනය වගේම ආකල්පමය දියුණුව හදන්න ඕන. හැමදේටම මුල හදන්න ඕන. මම යෝජනා කරනවා සර්ව සම්පුර්ණ ලිංගික අධ්‍යාපන ක්‍රමයක් පාසල් පද්ධතියට ගේන්න ඕන. ඒක කුණුහරපයක් නෙමෙයි. දරුවෙකුට සමාජ ගත විය හැකි සමාජයක් ගොඩ නගන්න ඕන. 

බොඩි එක හදා ගන්න හොදම විදිය මොකද්ද ?

තමන්ගේ ගුරුවරයා කණ්නාඩි කරගෙන සම්පුර්ණයෙන් නියුඩ් වෙලා තමන්ගේ ශරීරය ගැන බලන්න. එකෙන් අඩුපාඩු හදා ගන්න පුළුවන්. කණ්නාඩියත් එක්ක කරලා බලන්න. අනිවාර්යෙන් ඔබ හැදෙනවා. මම ගොඩක් අඩුපාඩු හදා ගත්තේ එහෙම.



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us