Helabima

කෑම කනකොට මෙහෙම හැසිරෙනවද කියලා පුදුම හිතෙන එක එක රටවල අමුතු ආහාර පුරුදු

රුවන්තිකා මධුශානි


මිනිස්සු ජීවය පවත්වා ගන්න මූලික අවශ්‍යතාවක් ලෙස ආහාර ලබා ගත්තත් ආහාර ගැනීම කියන්නෙ රටින් රටට නගරෙන් නගරෙට ගමින් ගමට පුදුමාකාර වෙනස් සංස්කෘතික ලක්ශන ගණනාවක එකතුවක්. ලෝකයේ ආහාර සංස්කෘතිය කතා කරලා ඉවර කරන්න බැරි තරම් විහිදී ගිය මාතෘකාවක් . ඉතින් ආහාර ගැනීමේදී රටින් රටට අනුගමනය කරන චාරිත්‍ර හරි වෙනස්. එක රටක කෑම කද්දී කීයටවත් කරන්න හොඳ නැති වැඩක් තව රටකදි අනිවාර්යයෙන් සිදු කල යුතු වීම මේ චාරිත්‍ර වල විශ්මය දනවන ස්භාවයයි

දිග නූඩ්ල්ස් කන චීන්නු

ශතවර්ශ ගණනාවක ඉතිහාසයක් හිමි චීනයේ ආහාර සංස්කෘතිය ලොව අන් රටවල් අතර විශේශිත එකක් වේ. චීනයේදී ඔබට පිසූ මාලුවෙකු ආහාරයට ගැනීමට සිදු වුවහොත් මාලුවා ඒ සිටිනා පැත්ත වෙනස් කර අනෙක් පස හැරවීම සිදු නොකළ යුත්තේ චීන්නු එය අසුභ සේ සලකන බැවිනි. චීන ආහාර වල ඉතා දිගු නූඩ්ල්ස් දිගටම උරමින් මුව තුලට රුවා ගන්නා අයුරු ඔබ දැක ඇති. නූඩ්ල්ස් දිගෙන් වැඩි වන තරමට එය ආහාරයට ගන්නාගේ ආයුශ ඉහල යන බව චීනයේ විශ්වාසයයි. එමෙන්ම එම නූඩ්ල්ස් කඩා ආහාරයට ගැනීමෙන් ආයුශ කෙටි වෙන බව ඔවුහු අදහති...කෑම පිඟාන සම්පූර්ණයෙන් අවසන් කිරීමෙන් ආහාර ලබා දුන් පුද්ගලයා ලෝබ බවත් ඔහු අඩුවෙන් ආහාර ලබා දුන් බවත් සංකේතවත් වන බව ඔවුන් ගේ මතයයි.

 

වොඩ්කා එපා නම් යාලුකම් ඉවරයි

රුසියාවටත් ශතවර්ෂ ගණනාවක් පැරණි ආහාර සංස්කෘතියක් හිමියි. බොහෝ රටවල සේ මේසය මත අත් තබා වැලමිට මේසයෙන් එපිටට සිටින සේ ආහාර ගැනීම රුසියානු සම්ප්‍රදායයි. රුසියාවටම අනන්‍ය පානයක් වන වොඩ්කා යමෙක් ඔබට පිලිගන්වයි නම් එය ප්‍රතික්ෂේප කිරීම ඒ පිළිගන්වන්නාට කරන අගෞරවයක් බව රුසියානුවෝ සිතති. එමෙන්ම පිළිගන්වන්නා මිතුරෙකු නම් මිත්‍රත්වයට කරන අගෞරවයක් ලෙසත් හැදින්වේ. වොඩ්කා අයිස් හෝ වෙනත් ද්‍රව්‍ය කවලවම් නොකර පානය කල යුතු අතර එසේ මිශ්‍ර කිරීම පාරිශුද්ධ බවට කරන හානියක් සේ සලකයි.

By LightFieldStudios / Envato

වැඩිහිටියන් සේ කන්න වෙන කොරියන් කෑම

කොරියාවේදී ඔබට ආහාර ගැනීමට ආරාධනා ලැබුණොත් එම මේසයේ සිටින වැඩිමහල් ම පුද්ගලයා ආහාර ගන්නා වේගයෙන් ආහාර ගැනීමට ඔබට සිදුවේ. ඔහු වේගවත් ව ආහාර ගන්නේ නම් හෝ ඉතා සෙමින් ආහාර ගන්නේ නම් නිරන්තරයෙන් අනෙක් අය අපහසුතාවට පත් වීම දැකිය හැක.

තොල් වල පහස නොලබන අසරණ තායි ගෑරප්පු

තායිලන්තයේ ආහාර චාරිත්‍ර වලදී ඉතා ඉහල විනයක් බලාපොරොත්තු වේ. කොත ගසා බෙදා ගැනීම ඔවුන් ඉතා අසෝබන සේ සලකයි. මුලින්ම ආහාර ඉතා ස්වල්පයක් බෙදා ගත යුත්තේ අනෙක් අයට ප්‍රමානවත් වේ දැයි සිතා ය. තායිලන්තයේ දී ගෑරප්පුවෙන් ආහාර ගැනීම ඉතා අශෝභන ක්‍රියාවකි එය භාවිත කල යුතු වන්නේ ආහාර හැන්ද මතට තල්ලු කිරීමට පමණි. කිසිම අවස්ථාවක ගෑරප්පුවෙන් ආහාර මුවට දමා නොගත යුතුයි .

ලුණු දාගෙන අපහාස කරන්න එපා

ශිශ්ඨාචාරයේ මුල් බිම් වන ඊජිප්තුවේ හරි පුදුමාකාර සිරිතක් තියෙනවා . ඔබ ඊජිප්තුවේ ආහාර ගනිද්දී ලුණු රස මද බවක් දැනුණොත් ආහාරය එලෙසින්ම ගිල දමන්න ඔබට සිදුවෙනව. ඒ ඔවුන් අමතරව ලුණු එක් කිරීම කෝකියාට කල අපහාසයක් සේ සලකන නිසා

By twenty20photos / Envato

කෑම මේසෙ වැඩ කතා තහනම්

බොලිවියාවේ කෑම මේස වලදී සුහද කතා බහේ යෙදෙමින් ආහාර ගැනීමේ අවස්ථාව හිමි වූවත් සිදුකළ වැඩ කටයුතු රාජකාරි සම්බන්ධයෙන් කතා නොකළ යුතු වෙනවා. ව්‍යාපාරික හමුවක ආහාර මේසයේදී පවා මෙය ක්‍රියාත්මක වුවත් එම හමුව සංවිධානය කල පුද්ගලයා ව්‍යාපාර සම්බන්ධයෙන් කතා කිරීම ඇරඹුවොත් අනික් අයටත් එයට අවස්ථාව ලැබෙනව .

කෑම එපා මට ඇලජි

බ්‍රසීලය අතින් කෑම අල්ලා ආහාරයට ගැනීම ආහාරයට කරන අගෞරවයක් සේ සලකනවා.පීසා අල කූරු ආදී ෆින්ගර් ෆුඩ්ස් ගනයට වැටෙන ආහාර පවා ඔවුන් ගෑරප්පු මගින් අනුභව කරනවා. බ්‍රසීලයේදී ඔබට යමෙකු ආහාර දුන් විට එය ප්‍රතික්ෂේප කළොත් එය ආහාර දුන් තැනැත්තා ට කරන අවමානයක් සේ සලකා ඔබ චාරිත්‍ර නොදන්නා අයෙක් බවට වර්ග කරනවා.. බ්‍රසීලයේදී යම් ආහාරයක් ප්‍රතික්ෂේප කිරීමට අවස්ථාව ලැබෙන්නේ ඔබට එය අසාත්මික හෝ සෞඛ්‍ය ගැටලුවක් ඇත්නන් පමණි

කොච්චර චීස් තිබ්බත් ඉල්ලන්න තහනම් ඉතාලිය

ඉතාලිය කියන්නෙම ආහාර සංස්කෘතිය කලඹවන රටක් චීස් බේරෙන කෑම ජාති වලට විවිධාකාර චීස් වර්ග වලට නම් දැරුවත් ඉතාලියෙදි ඔබට පිලිගැන්වුනු ආහාරයකට අමතරව චීස් ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමට ඔබට අවස්ථාව නෑ . ඒ ඔවුන් අමතරව චීස් ඉල්ලීම කෝකියාට කරන අපහසයක් සේ සිතන නිසායි. ඉතාලියෙදි ආහාර සමග වයින් හෝ වතුර හැර වෙන පානයක් ගැනීමට අවකාශ නෑ . ඉන් රසය මැරන බවට ඔවින් හිතනව. ඒ නිසා කාබනික බීම වර්ග මධ්‍යසාර හෝ කොක්ටේල් වර්ග ලබා ගන්නවා නම් එය ආහාරයට පෙර හෝ පසුව ලබා ගත යුතුයි . කිරි වලින් ආහාර ජීරනයට බාධාවක් ඇති වන නිසා ඉතාලියේදී ආහාරයට පසුව කිරි හෝ කැපචිනෝ පානයට අවසර ලැබෙන්නෑ.

By Prostock-studio / Envato

පාන් කන්නම උපන් මිනිස්සු

බොහෝ රටවල පාන් ඇපටයිසර් එකක් ලෙස පිලිගැන්වුවත් ප්‍රංශයේ පාන් ප්‍රධාන ආහාරයක්. ඔවුන් පාන් තම පිඟානට බෙදා ගන්නේ නෑ ඒ වෙනුවට විශාල පාන් ගෙඩියක් මේසය මත තබා එයින් කැබලි කඩා අනුභව කිරීම සිදු කරනවා.ප්‍රංශක්කාරයන් කිසිවිටෙකත් තනිව ආහාර ගන්නෑ. ඔවුන් තමා අසල සිටින්නන්ටත් ආහාරයට ආරාධනා කර සතුටු සාමීචියේ යෙදෙමින් සතුටෙන් ආහාර ගන්නවා . ඒ අතර මුලු ආහාර වේල පුරාම පාන් අනුභව කරනව.

එමෙන්ම යමෙක් ඔබට ආහාර අනුභව කිරීමට ආරාධනා කරොත් ඊලග වතාවේ ඔබ ඔහුට ආහාර සදහා ආරාධනා කිරීම කල යුතුයි

ඔබේ කූරු දෙක පරිස්සං කරගන්න

ඉතා විනීතවත් ජන කොට්ඨාශයක් වෙසෙන ජපානයේ ආහාර රටාද විනීත වේ. ඔවුන් මිටි මේස වටා එලූ තතමි පැදුරු මත දෙපා නවා දෙපා මත වාඩිවී නිහඩව ආහාර ගනිති. ඔබට ජපානයේදී ආහාරයට පෙර ඔශිබෝරි නම් උනුසුම් කල තුවායක් ලැබේ. එය ඔබේ අත් පිරිසිදු කර ගැන්මටය. ඉන් මුහුන නොපිසිමට ඔබ ආචාරශීලී විය යුතුයි . ඔබට එහිදී පිරි නමන සූපය හැන්දකින් පානය නොකරන අතර සුප් බදුනටම මුව තබා එය පානය කල යුතුයි . එමෙන්ම ජපානයේදීත් චීනයේ මෙන් චොප්ස්ටික් ලී කූරු භාවිත වන අතර ආහාරය මත එය සිරස්ව සිටුවීම ,ඉන් සුප් ආදිය කූරු ගෑම , චොප්ස්ටික් ලෙවකෑම තම චොප්ස්ටික් වලින් තව කෙනෙක් ට ආහාර දීම , චොප්ස්ටික් මේසය මත හෝ බදුන් මත තැබීම නොකළ යුතු සේ සැලකේ. එමෙන්ම ජපනුන් තලු මරමින් සිය නූඩ්ල්ස් බදුන් අවසන් කිරීම ඉවූ තැනැත්තාට කරන ගෞරවයක් ලෙස ඔවුන් සිතති. ජපනුන් නාස්තිය ඉතා දැඩිසේ පිටු දකින නිසා කෑම පිඟාන සම්පූර්ණයෙන් අවසන් කිරීම සිදු කරති.

වම් අත තහනම්

අපේ අසල්වැසි ඉන්දියානුවෝ ඉතා සාරවත් ආහාර සංස්කෘතියක හිමිකාරිත්වය දරයි. ඔවුහු ආහාර ගැනීමට අප මෙන් අත් භාවිත කරති . නමුත් වම් අතින් ආහාර ගැනීම අප්‍රසන්න සේ සලකන බැවින් ඉන්දියාවේදී ඔබ ආහාර ගත යුත්තේ දකුනතිනි.

මොකටද මෙච්චර සලාද

සාමාන්‍ය ආහාර පිලිගැන්වීමකදී සලාදය ඔබට මුලින්ම ලැබුණත් මෙක්සිකෝවේදී ඔබට මුලින්ම ත් ප්‍රධාන ආහාරයෙන් පසුවත් සලාද ලැබෙනු ඇත. එමෙන්ම එරටේ ආහාර වේල්කට ඔබ ආරාධනා ලැබුවොත් ඔබට ආරාධනා කල තැනැත්තා බුවෙන් ප්‍රොව්වෝ ලෙස පවසන තුරු ඔබ ආහාර නොගත යුතුයි . සම්පූර්ණයෙන් අනුභව නොකර මදක් ඉතිරි කිරීම මෙක්සිකෝවේ කෑදර නොවන ආචාරශීලී අයෙකුගේ සිරිතක් ලෙස හැදින්වේ..



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us