Helabima

සැමියා ගැහැනියක් වනු දුටු ලොව මුල්ම බිරිඳගේ අනුවේදනීය ජීවත කතාව ..​

රුවන්තිකා මධුශානි


මල් පෙත්තක් වගේ සිනිදු ස්ටොකින්ස් මේස් දුන්නු වාත්තු කලා වගේ මටසිළුටු සුන්දරත්වය , ක්‍රිස්ටල් ගල් වලින් අලංකාර කරපු අඩි උස සිඟිති සපත්තු යුවලෙන් ලැබුනු ලාලිත්‍යමය හැඩය එක්ක හැඩවූ විල්ලුද දෙපය ජීවිතේ කිසිම දවසක නොදුටු නොදැනුනු සුන්දරත්වයකින් බබලන බව ඔහුට දැනුණා. දෙපා පුරා විහිදුණු රලු රෝමයන් ගෙන් ගහන හැඩිදැඩි දෙපයේ නැති පුදුමාකාර සුසිනිදු හැඟීමක් ස්ටොකින්ස් වලින් වැහුනු දෙපයෙන් පේනව. දනහිසටත් උඩින් අවසන් වෙන අනර්ඝ දුහුල් නෙට් රෙද්දෙන් සරසපු සැටින් ගවුමේ වාටි දිගේ ඔහු හරි මොලොක් විදියට සිය අතැඟිලි ගමන් කරවූවා. ඒ මටසිළුටු හැඟීම ඇගිලි තුඩු අගින් සිරුරට ඇතුල් වෙලා ගත අභ්‍යන්තරයේ සැඟවුණු රසාලිප්ත ගුප්තමය එහෙත් කිසිදා නොවිදි සුවදායී හැඟීමක් පිබිදෙන බව ඔහුට දැනුණා. ගැහැනියකගේ දුහුල් සලුවකින් වැසුණු අර්ධ නග්න සිරුරු ඕනිතරම් දැක අතපතගා එහි සුන්දරත්වය ගැබුරටම විද තිබ්බත් තමන්ගේ ගතින් ඒ සුන්දරත්වය විහිදෙද්දි දැනෙන හැගීමේ ඔහුට උන්මාදනීය චමත්කාරයක් දැනුණා. ඔහු ඒ හැගීමේ ගිලී අතරමං උනා.. සේද ගවුමෙන් නැගෙන ලැවැන්ඩර් සුවඳ සිහිනෙන් ගෑ සුවඳක් සේ දැනෙද්දි ඔහු ඒ ගවුමට තව තවත් තුරුල් උනා ....ගත තුලින් පිබිදෙමින් පිටතට පැමිනීමට දඟලන ඒ අමුතුම හැගීමට රිසි සේ පාවෙන්න දෙන්න ඕනි උනත් අයිනර් ඒ හැඟීම ප්‍රකාශ කරන්න බය උනා . ප්‍රකාශ කරන්න බැරි හැඟීමක් එක්ක තමන්ගේ හිතෙනුයි ගතෙනුයි පොර බදිමින් ඒත් ඒ කිසි දෙයක් ඇයට පෙනෙන්නට නොදී ඔහු හැසිරෙන්න උත්සහ කලා ..

by By pvstory  / ENVATO 

ඇය ධ්‍යානයකට සමවැදිලා වගේ මේ තමන්ගේ ඉස්සරහ කුණාටුවකට අහු වෙලා වගේ කැලඹීමෙන් ඉන්න තමන්ගේ සැමියාගේ අභ්‍යන්තර පෙරළිය නොදැකම සුදු සිතුවම් කඩදාසිය පුරා නිදහසේ සිය පැන්සල ගමන් කරවමින් සිටියා. ඇගේ මිතුරිය ඇනා ලාර්සන්ගෙ සිතුවම නිම කරන්න ඇනා අවශ්‍යම උනත් ඇනාට එන්න බැරිම උණ නිසා තම සැමියා වූ අයිනර් ස්ටොකින්ස් අන්දලා ඇනා ඇදපු ගවුමත් අන්දවලා අයිනර් දිහා බල බල සිතුවම ඇදලා අවසන් කරන්න ගර්ඩා තීරණය කරලා තිබ්බ . ඇය සිතුවම එක්ක සමාධි ගත වෙලා තරම්ම අයිනර් ඒ ගැහැනු සුවඳ හමන මටසිළුටු බව එක්ක තමන්ගේ හිත ඇතුලෙන් පිබිදෙන්න හදන හැඟීමකින් කැළඹිලා හිටියා . ඔහු ඒ කැළඹීමට ආසා කලා. ගර්ඩා සිතුවම ඇද අවසන් කරනතුරුම අයිනර් ඒ සිතුවිලි වල ගිලී කිමිදී ගත කලා.. සිතුවම ඇදලා අවසන් වෙද්දී ගැහැනු ඇදුම් ඇදපු තමන්ගේ සැමියා කොයිතරම් අපූරුවට චිත්‍රයේ ආදර්ශය සැපයුවාද කියලා ගර්ඩා කල්පනා කලා. මේ කැළඹීමට අයිනර් ගෙ තියන කැමැත්ත යි ඔහුව ඒ අයුරින් රූපයට නගන්න ඇගේ තියන කැමැත්තයි එක් උනා. අයිනර් දිගින් දිගටම සුන්දර සුසිනිදු ගැහැනු ඇදුම් වලින් ගැහැනියකව සැරසිලා ගත තුලින් නැගෙන ඒ හැගීම් පිටතට ගලන්න ඉඩ දී අප්‍රමාණ තෘප්තියක් වින්දා.. අයිනර්ගේ කම්මුල් වල රැවුල් ගස් සම්පූර්ණයෙන් මුඩු කරලා ඇගේ අතින්ම ඔහුගේ දෙතොල් රත් පැහැ කරලා නෙත් අදුන් ගල්වලා කම්මුල් රෝසපැහැ තවරලා ඔහුව ගැහැනියක සේ සරසන එක ඇයට විනෝදයක් උනා .

by ENVATO 

ඒ සුන්දර ස්ත්‍රී සිතුවම් ඩෙන්මාර්ක් සෞන්දර්‍ය කලා ඇකඩමියේ ප්‍රදර්ශනය කෙරුනා. ගර්ඩාගේ ඒ සිතුවම් වල ඉන්න සුන්දර ගැහැණු රුවට වසග වූ රසකාමීන් ඇයව දකින්න ආසා කලා. ඇයව කැදවාගෙන එන ලෙසට ගර්ඩාගෙන් ඇයද සිටියා.. අවසානයේ තමන්ගේ පිරිමි බව ගැහැණු සළුපිළි වලින් වසාගත් අයිනර් තමන්ගේ ගත තුල පොපියන සිතුවිලි වලට ඔහේ පාවෙන්න දොරගුළු හැර දීලා ජනතාව ඉදිරියේ ගැහැනියක සේ පෙනී සිටියා. ගර්ඩා එහි උන් පිරිසට ඇයව හදුන්වා දුන්නේ මේ ඉන්නෙ ලිලී කියලා . ලිලී මලක් සේම සුන්දර මටසිළුටු ලිලී තමන් අයිනර් බව අමතක කරමින් ලිලීම වන්නට තීරණය කලා..

දිනක් සීත රැයක ගර්ඩා යහනේදි සිය සැමියාගෙ පහස පතා ඔහුගේ ගතට තුරුල් උනා . කැන්වසයේ පැන්සල හසුරවනවාටත් වඩා සිනිදුවට ඈ ඔහුගේ ළය පිරිමදිද්දී ඇගිලි තුඩට දැනුනු ස්පර්ශයකින් කම්පනයව වහා අවදිව පහන් දැල්වූවා. නොවිය යුත්තක් සිදු වෙමින් ඇති බව ඇයට දැනුනෙ ඒ මොහොතේයි. කලාගාරයේදි පමණක් ගැහැනියක් වී හිද සමාජයේදීද ගැහැණියක් ලෙස පෙනී සිටීමට අවස්ථාව ලද ගර්ඩාගෙ සැමියා අයිනර් ජීවිතේ හැම මොහොතකම ගැහැනියක් වීමට තීරණය කරලා කියලා ඇයට අවබෝධ වූවා. ඔහු ගේ සිරුර පිරිමදිද්දි ඇගේ අතට අසු උනේ ඒ ඔහු සැරසී සිටි ගැහැනු යට ඇදුම්..මුලු සිරුරම ගැහැනියකගේ සුසිනිදු සම මෙන් රෝම ඉවත් කරලා අයිනර් ගර්ඩාගේම යට ඇදුම් වලින් සැරසිලා ..

ඇය එයට බිය වූවා ඉන් මිදෙන්නැයි ඇය ඔහුගෙන් ආයාචනා කලා. තමාගේ සැමියාම පමණක් වන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියත් ඒ වෙද්දී කුණාටුව හමා විනාශය අවසන් වෙලා . අයිනර්ගෙ සිතේ තැම්පත්ව තිබූ ස්ත්‍රී හැගීම් වලින් ඔහුගේ පිරිමි බව මැකී ගිහින් ඔහු අභ්‍යන්තරයෙන් ගැහැණියක ව අවසන් වෙලා .

ඩෙන්මාකයේ කොපර්හේගන් රාජකීය සෞන්දර්‍ය කලා ඇකඩමියට පැමිනි භූ දර්ශන සිත්තරෙකු සහා ආලේඛ්‍ය සිත්තරාවියක වූ ඔවුන් එහිදී පෙමින් බැඳිලා 1904 දි විවාහ වී ඒ වෙද්දී අවුරුදු පහක් ගතවෙලා තිබුනා. සිතුවම්කරණයේ යෙදෙමින් මේ යොවුන් යුවල ගෙව්වේ ඉතා සුඛෝපභෝගී ආදරණීය දිවියක්. 1882 කේ ඩෙන්මාකයේ උපන් අයිනර් තමන්ගේ බිරිද වූ ගර්ඩාගේ මිතුරියකගෙ සිතුවමක් වෙනුවෙන් ගැහැනියක වී සැරසී ඉද්දි ඔහුගේ සිතට තමා ගතින් පමණක් පිරිමියෙකු බවත් සිතින් ගැහැනියක බවත් දැනෙන්න ගන්නවා . පිටතින් පේන ස්වරූපෙට වඩා ඇතුලාන්තයෙන් ඉල්ලන ඒ වෙනසට ඔහු ආසක්ත වෙනව . ඒ කාලෙ වෙද්දී කාන්තා පිරිමි ලිංගික චර්‍යා ගැන පවා සමාජයේ කතා බහ වීම සැගවිය යුතු කරුණක්ව තිබුණත් අයිනර්ට තම පිරිමි භාවයට සමු දීලා ගැහැනියක් වෙන්න අවශ්‍ය වෙනව .

ඒ සංසිද්ධිය වෛද්‍ය විද්‍යාවෙ පැහැදිලි වෙනව. ජීවියෙක් ඉපදෙද්දි ලැබෙන වර්ණදේහ යුගල් 23 න් එකක් ඔහුගේ හො ඇයගේ ලිංගිකත්වය තීරණය කරනවා. එය xx හෝ xy ලෙස උවත් කලාතුරකින් xxy හෝ xyy වර්ණදේහ සහිත පුද්ගලයින් බිහි වෙනව . ඔවුන්ගේ දේහයේ භාහිර ලක්ශන පිරිමි කෙනෙක් බදු වුවත් සිරුරේ රසායනික සංයුතිය කාන්තාවකට සමාන වෙනව .. අයිනර් ව පරික්ශා කල වෛද්‍ය වරයා අයිනර්ටත් ගර්ඩාටත් මේ පිලිබදව පහදා දෙනව..

. ඒ අනුව ලෝකයේ ඒ මහා අරුම පුදුම සොබාදහම වෙනස් කරන ක්‍රියා පටිපාටිය ට මුහුණ දෙන්න අයිනර් සූදානම් වෙනව . 1930 දි ඔහු sex ressignment surgery එකකට මුහුණ දෙන්නේ ලෝකයේ ලිංගික සංක්‍රාන්ති සැත්කමකට මුහුණ දුන් මුල්ම පුද්ගලයා විදියට . .මේ සැත්කමෙන් පසු ගර්ඩා ඔහුව ලිලී කියලා ආමන්ත්‍රණය කරන්න පටන් ගන්නවා .

1930දි ලිලි එල්වන්ස් නමින් නිල විදේශ ගමන් බල බලපත්‍රයක් ද ලබා ගන්නවා .

කාන්තාවන් දෙදෙනෙකුට විවාහ දිවියක් ගත කිරීමට ඉඩදීම නීතිවිරෝධී බව පවසමින් ඩෙන්මාකයේ දසවන ක්‍රිස්ටියන් රජු ඔවුන් දික්කසාද කරවනවා. ඒ වෙද්දී ගර්ඩාගේ දරා ගැනීමත් ඉක්මවා ගිහින් තිබූ නිසා ඔවුන් වෙත එල්ල වන සමාජීය පීඩනය කොන් කිරීම් අපහාස දරා ගැනීමට නොහැකි වු තැන ඔවුන් ජර්මනිය බලා සංක්‍රමණය වෙනව .දික්කසාදයෙන් පසු ලිලීට කාන්තාවක් සේ පෙනී සිටීමේ සම්පූර්ණ නිදහස හිමි වෙනව .

මේ අතර ගර්ඩාගෙන් වෙන් වූ ලිලී චිත්‍ර මිලදී ගැනීමට පැමිණෙන ක්ලෝඩ් ලෙජුන් සමග පෙම් සබදතාවක් ගොඩ නගාගෙන ඔහු හා විවාහවී දරුවෙක් බිහි කිරීමේ සිහින දකිනවා.ඒ සදහා

1930 දී ජර්මනියේදී ලිලීගේ භාහිර අභ්‍යන්තර හා භාහිර පුරුශ අවයව ඉවත් කර ස්ත්‍රී අවයව බද්ධ කිරීමක් කිරීමට ඔවුන් සූදානම් වනවා. වෘශන කෝශ සහ පුරුශ ලිංගය ඉවත් කර ඩිම්භ කෝශ ගර්භාශයක් සහ යෝනි මාර්ගයක් බද්ධ කිරීමට සැත්කම සිදු කලා. එය සාර්ථක වන්නෙ නෑ .

By wikipedia /  ලිලි බවට පත්ගේ වූ අයිනර් ගේ  සත්‍ය චායාරුපයකි 

ඒ තැන්පත් කල ගර්භාෂය පිළි ගන්න ඔහුගෙ සිරුර සමත් වුයේ නෑ . ලිලී එ සංකූලතා වලින් අසාධ්‍ය තත්වෙට පත් වෙනව . ලිලී මරණාසන්නව වැතිර ඉද්දී පවා ලිලී ඉතාමත් සතුටෙන් මෙහෙම කියනව. " මං ලස්සන හීනයක් දැක්කා. මං පුංචි දරුවෙක් වෙලා ඉපදිලා අම්මගෙ අතේ ඉන්නවා . අම්මා මට " ලිලී" කියලා කතා කරනව" ඔහු ඒතරම් තමන් අයිනර් නොව ලිලී බව විශ්වාස කලා . අසාධ්‍ය වූ ලිලී 1931 සැප්තැම්බර් 13 මිය ගියා

ඉන්පසුව තනිවූ ගර්ඩා ලිලීගේ මතකයන් තුලින් එම රුවම විවිධ ආකාරයට සිතුවම් කරමින් ජීවිත් උනා.. පසුව ඇය ඉතාලි ගුවන් නියමු නිලධාරියෙක් සමග විවාහ වෙනවා..

By wikipedia / ගර්ඩාගේ සත්‍ය චායාරුපයකි 

ගර්ඩාගේ සහ අයිනර් හෙවත් ලිලීගේ සිදුවීම ඇසූ David Ebershot නම් කතුවරයා Lucinda Coxon නමින් ඔවුන්ගේ ඒ වෘතාන්තය පොදක් සේ එලිදැක්වුවා.. එය දුටු Tom Hooper නම් සිනමා අධ්‍යක්ෂක වරයා The Danish Girl නමින් එය චිත්‍රපටයකට නැගුවා එය ඔස්කා සම්මාන 4 ක් දිනූ විශිෂ්ඨ ගනයේ සල රුවක් වූයේ IMDB අගය 6.5 ක් පවත්වා ගනිමින් ...

එහි අයිනර් ගේ චරිතයට පණ පෙවු Eddie Redmayne ඔස්කා උලෙළේ හොදම නළුවාට නිර්දේශ වුවා පිරිමියෙකුව සිට ඔහු ගැහැනියක බවට වෙනස් වන රූපරාමු ඉතා අග්‍රගන්‍ය මට්ටමකින් පවතින බව විචාරකයො පවසනවා

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us