Helabima

බැලුන් තොගයක් මිනී මරයි

රුවන්තිකා මධුශානි


ඒ 1986 යේ සැප්තැම්බර් මාසයයි. ඇමරිකාවේ ඔහොයෝ හී ක්ලේව්ලන්ඩ් නගරය දියත් වූ අරගල සහ ඇතිවූ ස්භාවික උපද්‍රව හේතුවෙන් වාසයට නුසුදුසු නගරයක් වෙමින් පැවතිනි. නගරය අත් හැර යන්නෝ බහුල වූ අතර ඉතිරි වූ නාගරිකයෝ නගරය යලි ගොඩ ගැනීමෙහි යුහුසුලු වූහ. ඒ අතරේ නගරය යලි ගොඩ නැංවීම පිණිස ලාභ අරමුනු කර නොගත් එක්තරා සංවිධානයක් විශේෂ අංගයක් සංවිධානය කලහ. united way of greater cleveland නම් සංවිධානය ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ අතර ඔවුන් ඒ සදහා ගිනස් ලෝක වාර්ථාවක් බිද හෙලීමට සූදානම් වූහ..

බැලුන් ගිනස් වාර්ථාව

1985 හේදී ඩිස්නිලන්තයේ තිස් වන සංවත්සරය වෙනුවෙන් ඇනහෙයිම් ඩිස්නිලන්තය එකවර හීලියම් පිරවූ ගෑස් බැලුන් මිලියන 1.2 ක් අහසට නිදහස් කර ලෝක වාර්තාවක් පිහිටවූ අතර ක්ලෙව්ලන්ඩ් නගරය ගොඩ ගැනීමේ සංවිධානය එම ගිනස් වාර්තාව බිදහෙලීම අරමුණු කරගත් හ. බැලුන් දෙකක් ඩොලර් එකක මුදලට අලවි කර බැලුන් මිලියන 1.5 ක් එනම් ලක්ශ 15 ක් එකවර ආකාශ ගත කිරීමට ඔවුහු සූදානම් වූහ.

සාමූහික සූදානම ...

මේ සදහා ඔවුන් ලේටෙක්ස් වලින් නිශ්පාදිත් මාස 6 -10 ක් තුල දිරාපත් වන බැලුන් තෝරා ගැනිනි. ඩොලරයකට බැලුන් දෙකක් මිලට ගත හැකි වූ අතර ඒවා අදාල අරමුදලේ ගිනුමට බැර විනි. 1986 යේ සැප්තැම්බර් 25 වෙනිදා සිට බැලුන් පිම්බීම ආරම්භ වූ අතර ස්වෙච්ඡා සංවිධාන සේවකයෝ පාසල් දරුවෝ 2500 ක් මෙන්ම කැමැත්තෙන් ඉදිරිපත් වූ විශාල පිරිසක් බැලුන් පිරවීමට ඉදිරිපත් වූහ. හීලියම් වායුව පිරවීමේ යන්ත්‍ර මේ සදහා යොදා ගත් අතර විනාඩියකට බැලුන් තුනක් පමන පුරවන යන්ත්‍ර භාවිත කෙරිනි. ක්ලේව්ලන්ඩ් නාගරික චතුරස්‍රයේ නිරිත ප්‍රදේශයේ අඩි 250 ක් දිග අඩි150 ක් පලල දැලක් රදවා තිබූ අතර වායු බැලුන පුරවා නිදහස් කල පසු අදාල මොහොත වනතුරු බැලුන් එහි සිර කරන ලදී. මන්ද යත් ගිනස් වාර්ථාව බිද හෙලීමට නම් බැලුන් සියල්ල එකවර නිදහස් කල යුතු නිසායි. එහි පැය 46ක් පමණ එකදිගට බැලුන් පුරවා ගැට ගැසීමේ යෙදුනු ඇතමුන්ගේ ඇගිලි වල දිය පට්ටා හටගෙන තිබිණි

By relativelyinteresting / Brad Smith

සැලසුම දියවන ලකුණු

මේ අතර 26 වෙනිදා වනවිට ක්ලේව්ලන්ඩ් ප්‍රදේශයට අයහපත් කාලගුනයෙන් බාධා වන බව අනාවැකි පල විය. කුනාටුවක පෙරනිමිති පහල වූ අතර කුනාටුව නිසා කටයුතුවලට බාධා වන්නට විය. එහෙත් දිගටම බැලුන් පිරවීම සිදු කෙරිනි.

27 වෙනිදා එලඹෙයි

කාලගුණය තව තවත් අයහපත් වූවත් මේ සා වෙහෙසක් දරා කල කාර්‍යය අතරමග නතර කිරීමට සංවිධායකයන් අකමැති වූ අතර ඒ වනවිට මිලියන 1.4 ක් තරමට රැස්වී තිබූ බැලුන් තොගය නිදහස් කරනවා විනා කිරීමට වෙන පිලියමක්ද නොතිබිනි. 27 වෙනිදා දහවල් 1.50 වෙද්දී හරියටම බැලුන් 1429643 ක් යෝධ දැලේ රැදී තිබිනි.

ඒ මන්ස්කාන්ත දසුන

කාලගුණය අයහපත් වීමට පෙර තවත් කල් නොගෙන බැලුන් නිදහස් කෙරිනි. ක්ලේව්ලන්ඩ් නගරය පුරා අතුරු සිදුරු නොමැතිව පිරී සිටි ජනයා ඒ අති අලංකාර දසුනින් අමන්දානන්දයට පත් වූහ. අහස පුරා වෛවර්න සිතුවමක් සේ බැලුන් විසිර ගිය අතර එම නගරයේ උසම ගොඩනැගිල්ල වූ ටර්මිනල් චතුරස්‍රය ක්ශනයෙන් බැලුන් වලින් වැසී ගියේය.. අහස වසාගත් පාට පාට කොල කැබලි ලක්ශ ගනනක් සේ එය දිස්වූ බව ඇසින් දුටුවෝ පැවසූහ. හීලියම් බැලුන් වායුගෝලයේ උන්නතාන්ශය දක්වා ඉහල විසිරී පිපිරී පොලවට වැටෙනු ඇතැයි සංවිධායක මඩුල්ල බලාපොරොත්තු විය

By mentalfloss.

නොසිතූ මහ විපත

මේ අසිරිය රැදුනේ මිනිත්තු කිහිපයකි .නොසිතූවක්ම සිදු විය. එවෙලෙහිම ආරම්භ වූ වර්ශාව සමග ආර්ධතාව ඉහල ගොස් තිබූ නිසාත් වැහි ජලයට අසුවීම නිසාත් ඉහල ගියාට වඩා වේගයෙන් බැලුන් පහලට ඒම ඇරඹිනි. බැලුන් ආකාශයේ විසිර යෑමට කාලය මද වූ බැවින් ක්ලිව්ලන්ඩ් නගරය වෙතම බැලුන් පතිත වීම ඇරඹිනි. මාර්ග බැලුන් වලින් වැසී ගොස් දර්ශන පථ අවහිරවී බොහෝ රිය අනතුරු වාර්ථා විය. බැලුන් වලින් නගරය වැසී යද්දී මෙඩිනා කවුන්ඩ් ප්‍රදේශයේ අශ්ව ගොවිපලකට බැලුන් පතිත විය. ඉන් බියපත් වූ වටිනා අරාබි අශ්වයන් පිරිසක් නොසන්වුන්ව එහි හිමිකාරිනී රුසින් නොවාවුස්කි නම් කාන්තාකට දරුණු තුවාල සිදු විය.

ක්ලිව්ලන්ඩ් හී බර්ක්ලේන් ෆ්‍රන්‍ට් ගුවන්තොටුපලට බැලුන් පතිත වීමත් සමග ගුවන් තොටුපොළ වසා දැමීමට බලධාරීන් පියවර ගත්තේ අහස පුරාම විසිරුනු බැලුන් නිසා ගුවන් යානා වලට විය හැකි අනතුර සලකාය

By sheilds / Emma Wiles

මාරයාගේ හෝරාව

මේ අතර ඒ අසල තිබූ අති විශාල ඊරි විලේ භයානක යමක් සිදු වෙමින් පැවතිනි.රේමන්ඩ් බ්‍රොඩ්රික් සහ බර්නාඩ් සල්ස් නම් ධීවරයෝ දෙදෙනෙක් 26 වෙනිදා මසුන් ඇල්ලීමට ඊරි විලට ගොස් තිබූ අතර ඔවුන් 27 වනිදා වද්දී අතුරුදන් ව ඇතැයි ඥාතීන් පැමිණිලි කලහ. මේ වෙද්දී ඊරි විල මත පිම්බූ බැලුන් ලක්ශ ගනනක් පාවීම අරඹා තිබූ අතර ජීවිතාරක්ශක බෝට්ටු දියත් කිරීම කල නොහැකි විය. ක්ලිව්ලන්ඩ් වෙරලාරක්ශක බලකාය සිය හෙලිකොප්ටර් මගින් ඊරි විල නිරීක්ෂණය කිරීමට උත්සාහ ගත්තත් අහසේ පාවෙමින් තිබූ බැලුන් නිසා හෙලිකොප්ටර් ගුවන් ගත කිරීම සිදු කිරීමට නොහැකි විය. දින කීපයකින් ධීවරයන්ගේ සිරුරු විල් ඉවුරට ගොඩ ගසන ලදී.

තවත් අවසන් නොවූ මහා විනාශය

ඊරි විලේ කොටසක් කැනඩාවට අයත්ව තිබූ අතර විලට වැටුනු බැලුන් කැනඩාවේ සීමාවද පසු කර ජල මං සියල්ල අහුරා තිබිනි. අහසින් ගිය බැලුන්ද කැනඩාවට ඇතුල් වී තිබිනි. පිපිරී බිම වැටුණු බැලුන් කැබලි වලින් බොහෝ නගර දැඩි සෙ අපවිත්‍ර විය. ගස් මත බැලුන් කැබලිය. නගර කුනු ගොඩවල් බදුය. වර්ශාව සමග කානු පද්ධතිය ට ඇතුල් වූ බැලුන් නගරයේ ජලය බසිනා මං සියල්ල අහුරාලීය. සතුන් බැලුන් කැබලි ගිල දමා අසනීප වූහ. මේ අතරේ තවත් නොසිතූවක්ම විය. බැලුන් පිරවීමට ගත් අධික හීලියම් වායුව නිසා ඇමරිකාවේ හීලියම් හිගයක් ඇති විය. හීලියම් යනු ඉතා වටිනා රැකගත යුතු ස්භාවික වායුවකි... මේ පිලිබදව මෙය සංවිධානය කල ආයතනයේ ඉහත ව්‍යාපෘතියේ කලමනාකරු ගෙන් ප්‍රශ්න කල විට ඔහු පැවසුවේ තමාව කිසිවෙක් ඒ පිලිබදව දැනුවත් නොකල බවයි

නඩු පිට නඩු

බැලුන් වලින් ඉතා විශාල ලෙස සිය අරමුදල තර කර ගැනීමට යුනයිටඩ් වේ ඔෆ් ග්‍රේටර් ක්ලේව්ලන්ඩ් ආයතනය සමත් වුවත් ඒ මුදලට වඩා දැවැන්ත මුදකක් ඔවුන්ට වන්දි ගෙවීමට සහ පිරිසිදු කිරීම් සිදු කිරීමට වැය කිරීමට සිදු විය. පරිසර විනාශය වෙනුවෙන් නඩු පැවරිනි. අශ්වයන් කලබල වී තුවාල සිදු වූ කාන්තාව ඩොලර් ලක්ශයක් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කලාය. මියගිය ධීවරයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ බිරිදක් ඩොලර් මිලියන 3.2 ක් ඉල්ලා නඩු මගට පිවිසියාය. බොහෝ අයගේ අප්‍රසාදය එම සංවිධානය වෙනුවෙන් යොමුවූ අතර එය එම සංවිධානය ලද විශාලතම පරාජයක් ලෙස අදටත් හැදින්වේ. .

කෙසේ නමුත් ගිනස් වාර්ථාව පිහිටුවීමට ඔවුන් සමත් විය. නමුත් සිදුවූ දැවැන්ත විනාශය නිසා එය ගිනස් පොතට ඇතුල් කර ගන්නවාද නැද්ද යන්න ගැන බොහෝ වාද විවාද ඇතිවූවත් 1988 ටේ නිකුත් වූ ගිනස් වාර්ථා පොතට එය ඇතුල් කර තිබුනේ මින් පසු පරිසර විනාශයක් සිදු කරන කිසිම වාර්ථාවකට ඉඩ නොදීමේ තීරණය මතයි. එසේම උගත් පාඩම නිසා යලි කිසිවෙකු මේ බැලුන් වාර්ථාව බිද හෙලීමට උත්සාහ නොදරනු ඇත..



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us