සති කීපයකින් ඉක්මන් පලදාවක් දෙන බෝග ඔබේ ගෙවත්තට
මේ වෙද්දී ආහාර වෙනුවෙන් අපිට අපේ ජීවිත කාලය තුල දැරීමට සිදුවුනු විශාලම මිල ගෙවීමට සිදුව තිබේ. එම නිසා බොහෝ දෙනා කෙටි කලකින් අස්වැන්න ලබාගත හැකි කෙටි කාලීන බෝග වගා කිරීමට පෙලඹී සිටිති. අපි මේ ලිපියෙන් ඔබට සති දෙකතුනක් තුල පලදාව ලබා ගත හැකි බෝග කිහිපයක් හදුන්වා දෙන්නෙමු
ලූනු කොල
By bhofack2 / Envato
ලූනු බීජ සිටුවීම ලූනු කොල ලබා ගැනීමේ නිවැරැදි ක්‍රමය වුවත් ගෙවතු වගා කරුවන්ට ලූනු බීජ ලබා ගැනීමේ හැකියාව නැති නිසා නිවසට ගෙනෙන රතු ලූනු බල්බ මගින් වගාව ලේසියෙන්ම සිදු කල හැක. ඉඩ කඩ ඇති බදුනකට වැලි කොම්පෝස්ට් හා මතුපිට පස් සමව පුරවා ගන්න . රතුලූනු බල්බ වල මුල නැති තියුනු පැත්තේ කැපීමක් කර මුල පැත්ත පසට ඇතුල් කර සිටුවන්න. තෙතමනය පාලනය කර ජලය යොදන්න . පැය 24 ක් ගතවීමට මත්තෙන් ලූනු මොටයි මතු වනු ඔබට දැකගත හැක. සතියකින් පමන ඔබට යම් අස්වැන්නක් නෙලා ගත හැකි තරමට ලූනු කොල වර්ධනය වේ. ලූනු බල්බය නොගලවා කොල කපා ගැනීමෙන් ඔබට රසවත් නැවුම් ලූනු කොල ලබා ගත හැක. සතියකට වරක් නැවත පොහොර යෙදීමෙන් ඔබට මාස කිහිපයක් ලූනු කොල අස්වැන්න ලබා ගත හැක.
රාබු
By bhofack2 / Envato
ඉතාමත් වේගයෙන් වර්ධනය වන ආධුනික ගෙවතු වගා කරුවන්ට වගාව සුන්දර කරන බෝගයක් ලෙස රාබු හැදින්විය හැක. රාබු බීජ ඔබට කෘෂි අලවි සැලකින් ඉතා පහසුවෙන් මිලට ගත හැක. බදුන් වල වගා කරනවා නම් උසින් වැඩි බදුනක් තෝරා ගත යුතුය . පොලවේ නම් අඩියක් වත් පස් පෙරලා පාත්ති සකසා ගන්න. පහසුවෙන් අල එරෙන සේ ගල් ඉවත් කර සැහැල්ලු පස් මාධ්‍යක කුඩා වලවල් ඇගිල්ලෙන් තනා එයට රාබු ඇටය බැගින් තැන්පත් කරන්න. රාබු ඉතා ඉක්මනින් වර්ධනය වේ. සාමාන්‍යයෙන් දින 45 හේ සිට රාබු අස්වැන්න ලද හැකි යැයි නියමිත දින වකවානු දැක්වූවත් ඊට පෙර සිටම ලපටි රාබු අල සහ කොල ලබා ගත හැක. මේ පිලිබදව වැඩි විස්තර මෙතනින් රාබු වගාව...
බණ්ඩක්කා
බණ්ඩක්කා ඕනැම පරිසර තත්වයක් යටතේ පසෙහි හෝ බදුන් ගතව වවාගෙන ඉතා ඉක්මනින් ඵලදාව ලබා ගත හැකි එලවලුවකි. නිවසට රැගෙන එන බණ්ඩක්කා වල ඇති මේරූ කරල් වලින් බීජ ගෙන සෙවල ගතිය ඉවත් වනතුරු සෝදා පිරිසිදු කර වේලා සකසා ගත් පාත්ති මත අඩි එකහමාරක පමණ පරතරයෙන් වලකට ඇට දෙක බැගින් යොදා බණ්ඩකා සිටුවා ගත හැක. සාමාන්‍ය නිවසකට අවශ්‍ය තරම් ඵලදාවක් බණ්ඩක්කා ගස් තුන හතරකින් ලබා ගත හැකි අතර සති පහේ සිට අස්වැන්න ලබාගත හැක.
කංකුන්
By sommai / Envato
අධි වේගවත් වර්ධනයක් සහිත කංකුන් ඉතා ලේසියෙන් පැතලි බදුන් තුල වගා කල හැක. කංකුන් මිටියක මේරූ දඩු තෝරා ඒවා කොම්පෝස්ට් මතුපිට පස් මිශ්‍ර බදුනක සිටුවා හොදින් වතුර යෙදීමෙන් සති දෙකකින් ඔබට ඉතා සාරවත් කංකුන් අස්වැන්නක් ලබා ගත හැක. මූල පද්ධතිය නොසෙල්වෙන සේ කොල කපා ගැනීමෙන් සහ නිරන්තර සාත්තුවෙන් ඔබට දිගු කාලයක් අස්වැන්න ලබාගහැක.
මෑ
By bhofack2 / Envato
වේගයෙන් වර්ධනය වී එක ශාකයකින් විශාල අස්වැන්නක් ලබා ගැනීමට නම් ඔබ පඳුරු මෑ තෝරා ගත යුතුය . එය කුඩා ගෙවත්තක බදුන්ගතව උවත් වගා කල හැක. පදුරු මෑ රෝපණය කර මසකින් මල් හට ගැනීමත් මාස එකහමාරකින් පමණ කරල් ලබා ගැනීමත් සිදු කල හැක. බදුනක උවත් පන්දලම් ගැසීමකින් තොරව එක ඉන්නක් සිටුවා එයට මෑ අතු සම්බන්ධ කල හැකි නිසා ඉඩකඩක් වැය නොවීම විශේෂ වාසියකි.
ලපටි බතල
By bhofack2 / Envato
හාල් මල්ලේ බතල වගාව ලංකාවේ ප්‍රකට සංකල්පයකි. නිවසට ඒ ඒ මාසයේ රැගෙන එන හාල් මල්ල හිස් වූ විට එයට පස් පුරවා තැන් තැන් වලින් සිදුරු කරගන්න. මේ පස් මිශ්‍රනය මැටි සහිත නොවන මතුපිට පස් කොම්පෝස්ට් මගින් සකසා ගන්න. බතල අලයක් සතියක් පමණ ජල බදුනක ගිල්වා තබා බතල මොටයි වලින් වර්ධනය වූ රිකිලි ගලවා පස් උරයේ සිටුවා ගන්න .සාමාන්‍යයෙන් බතල සාර්ථක අස්වැන්නක් සදහා මාස 3 ක් ගත වූවත් ඊට පෙර ඔබට ආහාර පිණිස බතල දලු නෙලා ගැනීමට අවස්ථාව ලැබේ. ඒවා කංකුන් සේ සැකසිය හැකි රසවත් ආහාරයකි. මාස දෙකකින් පමන එතරම් නොමේරූ ලපටි බතල ලබා ගත හැකි අතර එය ව්‍යංජනයක් සේ සෑදීමට හැකි රසව්ත් ආහාරයකි.
නිවිති
By prosto_juli / Envato
දැඩි වේගවත් වර්ධනයක් දක්වන නිවිති ආධුනික ගෙවත්තක අනිවාර්යයෙන් තිබිය යුතුබෝගයකි. දම් පැහැ නිවිති ඇට මගින් බිහිවන පැල වේගවත්ව වර්ධවන විට එයට ආධාරක සවි කර උදව් කල යුතුය . අමු ගොම යෙදීම මගින් අති විශාල යෝධ නිවිති පත්‍ර ලබා ගත හැක. මැල්ලුමක් ලෙස මෙන්ම පරිප්පු සමග සකස් කල හැකි නිවිති මේ දිනවල ප්‍රෝටීන අවශ්‍යතා සදහා හොද පිලියමක් වනු ඇත.
සලාද කොල
By prosto_juli / Envato
ඔබට සෙවණ සහිත සිසිල් ස්ථානයක සලාද ඇට හෝ නිවසට ගෙන ආ සලාද මුලක් සිටුවා ගැනීමෙන් අස්වැන්න ලබා ගත හැක. හිරු එලිය නොවැටෙන ස්ථානයක් තෝරා ගැනීමෙන් වගාව සාර්ථක වනු ඇත. කොල තෙමෙන සේ ස්ප්‍රේ ක්‍රමයට ජලය ඉසිය හැක. බීජ සිටුවීමේදී මාස එකහමාරකින් පමණ ද සලාද මුලක් සිටුවීමෙන් ඊට වඩා අඩු කාලයකින්ද අස්වැන්න ලද හැක. කෙලින්ම පදුර උදුරා නොගෙන පත්‍ර වෙන් කර කපා ගැනීම මගින් ඔබට දිගු කාලයක් අස්වැන්න ලද හැකි වේ.
පිපිඥ්ඥා
By twenty20photos / Envato
පිපිඥ්ඥා එක වැලක් සාමාන්‍ය පවුලකට ඉතා හොදින් සෑහේ. වැලේ පැතිරීම වැඩි නිසා එයට ගමන් කිරීමට රුකුලක් නිර්මාණය කර දියයුතු වේ. එසේ නොමැති නම් එය පොලවේ ගමන් කරවීම ඉතා සාර්ථක ය. පිපිඥ්ඥා බීජ සිටුවා සති 4 න් පමණ මල් හට ගන්නා අතර් සති 7 ක් වෙද්දී ඔබට දිනපතාම පිපිඥ්ඥා ලබාගත හැක. එය තනි වැලකින් ඉතා විශාල වශයෙන් අස්වැන්න ලබා දෙන බෝගයකි.
බිම්මල්
By sea_wave / Envato
සති දෙකතුනකින් නිවසේදීම පහසුවෙන් බිම්මල් වගා කර ගැනීම ගැන අපි මින් පෙර කතා කර ඇත. එය මෙතනින්..... ගෙදර පරිභෝජනයට පහසුවෙන් බිම්මල් වවා ගන්නෙ මෙහෙමයි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.