Helabima

රටේ පවතින වර්තමාන ව්‍යාකූල තත්වයත් සමග පුද්ගලයෙක් ලෙස ඔබ ස්ථාවරව ඊට මුහුන දෙන්නෙ කොහොමද_

රසංගා ප්‍රනාන්දු


 

රටේ පවතින තත්වයත් එක්ක ලාංකීක පුරවැසියෙක් විදියට ඔබ මානසිකව , සමාජීයව හා
ආර්ථිකව ස්ථාවරව සිටීම ගැන තමයි මේ ලිපියෙන් කරුණු විමසුමට ලක්කරන්නෙ.
වර්තමානයේ රටේ තත්වයත් එක්ක සමාජ මාධ්‍යයන් වල ඉදන්ම හරිම ව්‍යාකූල තත්වයක්
තමයි තියෙන්නෙ. ඔබවත් දැන් ඔබ නොසිතපු විදියෙ ප්‍රශ්න ‍රැසක අතරමන් වෙලා ඇති.
ඉදිරිය කුමක් වෙයිද කියලා ඔබ බියෙන් ඇති.
සමහර විට මේ රටින් යන්නෙ කොහොමද කියලා ඔබ හිතනවා හෝ කටයුතු කරමින් සිටිනවත්
ඇති. ‍රටේ සිටීම හෝ නොසිටීම සම්පූර්නයෙන්ම ඔබේ තීරනයක්. ඔබට වඩාත්ම පහසු සහ
වැඩි ප්‍රතිලාභ , පහසුව , රැකියාව කියන මේ සියලු සාධක මත එය තීරනය කරන්න.
කෙනෙකුගෙ තීරණ ගැනීමේ අයිතිය ප්‍රශ්න කරන්න අපිට කිසිදු අයිතියක් නෑ. එය ඔහු හෝ
ඇය තීරණය කරාවි. ඒ නිසා රටේ සිටින හෝ රටින් පිටවෙන අය ගැන විවේචනාත්මක ඇසින්
බලනවට වඩා ඔබ කොහොමද මේ අරගලයන්ට මුහුන දෙන්නෙ කියලා කල්පනා කරන එක
වැදගත්.

වර්තමානය වනවිට ලංකාවෙ ජීවත් වන පුරවැසියෙක් විදියට ඔයාට නොයෙකුත් හැල හැප්පීම්
අතරින් තමයි මේ ජීවන අරගලයට මුහුන දෙන්න වෙලා තියෙන්නෙ.
රටේ වගකිවයුතු පාලකයින්ගෙ සහ සැලකියයුතු රාජ්‍ය තනතුරු වල සිටින ඇතැම් මිනිසුන්ගේ
අදක්ශ ක්‍රියාකලාපය හා දුර දිග නොසිතා ක්‍රියා කිරීම නිසා අපිට මේ වර්තමානය
වෙනකොට රටක් විදිහට අපේ එදිනෙදා අවශ්‍යතාවන් ටිකවත් හරිවිදියට සපුරගන්න අපහසු
වෙලා තියනවා. ඒක පෘතග්ජන මිනිසුන් විදියට හරිම කනගාටුවට කාරණාවක්.
කොරෝනා තත්වය නිසා online අධ්‍යාපනයට යොමුවූ සිසුන්ට විදුලි කැපීම් නිසා ඒ දේවල්
සම්පූර්නයෙන්ම ඇණහිටලා තියනවා. ඒ වගේම work from home සංකල්පයට යොමු වූ බොහෝ
අයට රැකියාවේ ගැටලුකාරී තත්වයන් ඇතිවෙලා තියනවා. මේ විදුලි බිදවැටීම් ඇත්තෙන්ම
මිනිස් ජන ජීවිතය සම්පූර්නයෙන්ම පාහේ අඩාල කරන්න සමත් වෙලා තියනවා.

හැබැයි එහෙමයි කියලා අපිට වැටෙන්න බැහැ. පාලකයින්ගෙවත් අන් පාට්ශවයන් වලවත්
වැරදි නිසා අපේ ජීවිතේ විනාශ කරගන්නවත් , ආපස්සට යන්නවත් බැහැ. ඒක මන් මෙහෙම
පැහැදිලි කරන්නම්.
මෙහෙමනෙ මේ ලෝකෙ සමහර දේවල් ,සමහර හේතු ,සමහර පුද්ගල ක්‍රියාකාරකම් අපිට
බලපාන විදිය අපිට පාලනය කරන්න පුලුවන්.. ඒවා අපේ පාලනයෙ තියෙන්නෙ. හැබැයි සමහර
සමහර දේවල් ,හේතු, ක්‍රියාකාරකම් අපේ පාලනයෙ නැහැ. ඒවා අපේ පාලනයෙන් තොරයි.
අපිව මූලික කරගෙන ඇතිවෙන අන්තර් සාධක අපිට වෙනස් කරන්න පුලුවන් උනත් බාහිර

ලෝකයේ සාධක බොහෝමයක් අපිට වෙන්ස්කරන්න සහ පාලනය කරන්න බැහැ. මේක
ජීවිතයේ හැමදේකටම අදාල කාරනාවක්.

ඉතින් දැන් මේ රටේ ඇතිවෙලා තියන වර්තමාන තත්වෙදි වුනත් අපිට කරන්න පුලුවන්
වෙන්නෙ පාලනයට විරුද්ධ වෙන එක වගේම මේ උද්ඝෝෂණ වගේ දේවල් කරලා යම්තාක්
දුරකට අපිට පුලුවන් විදියට අපි වෙනුවෙන් පෙනී සිටින එක විතරයි. ඒක ගොඩක් හොදයි
හැබැයි අපි මතක තියගන්න ඕනේ සහ තේරුම් ගන්න ඕනේ 100% උද්ඝෝෂණ මගින් විතරක්
මේ දූශිත පාලනය එලවලා හොද system change එකක් කරන්න බැහැ.
ඒකට උද්ඝෝෂණත් සමග තව ගොඩක් කරුනු එකතු වෙලා සම්පූර්නයෙන්ම system change
එකක් වෙන්න ඕනෙ.
රටේ දූශිත පාලකයන් වෙනුවෙන් නිසි පියවරත් , උගත් සහ විනිවිධභාවයකින් යුතු
පාලකයනුත් system change එකත් එක්ක පත් වෙන්න ඕනෙ. මේ දේවල් කොහොම වුනත් අපිට
ඒ සියලුම දේට මැදිහත් විය හැකි යම්කිසි සීමාවක් තියන නිසා ස්වාධීන පුද්ගලයෙක් ලෙස ඔබ
මේ ව්‍යාකූල කාලයට මුහුන දෙන ආකාරය වැදගත්.

අපි බලමු කොහොමද පුද්ගලයෙක් විදියට මේ කාලයේ ස්වාධීනව මානසිකව හා ආර්ථිකව
ශක්තිමත්ව ඉන්නෙ කියලා.
පලවෙනි සහ වැදගත්ම දේ තමයි ඔබේ මානසික ඒකාග්‍රතාවය. මේ තත්වය නිසා , ජීවන
අරගලය නිසා වැඩියෙන්ම කළකිරීමෙන් ඉන්නෙ ව්‍යාකූල වෙලා තියෙන්නෙ ඔබේ හිත සහ
මනස. සන්සුන් වෙන්න. ඔබ හිතනවට වඩා ඔබ ගොඩක් ශක්තිමත්.
බාහිර පරිසරයේ සිදුවෙන දේවල් ඔබට කොච්චර බලපෑවත් ඔබව මානසිකව වට්ටන්න ඒ
දේවල් වලට ඉඩ දෙන්න එපා. ශක්තිමත් වෙන්න. හැමදාම මේ හැමදේම මේ තත්වයෙන්
තියෙන්නෙ නෑ. මේ මොහොතෙ ඉදන් ඔබ ඔබේ හොදම version එක වෙන්න. එත්කොට තමයි
ඔබට කටු පදුරු, ගල් වැටි,මහා පර්වත අතරින් උනත් ඔලුව කෙලින් තියන් ඉන්න පුලුවන්
වෙන්නෙ. ඔබ වෙනුවෙන් සහ ඔබේ පවුල වෙනුවෙන් පෙනී සිටින්න ඉන්නෙ ඔබ. ඔබේ
අනාගතය වෙනුවෙන් පෙනී සිටින්න ඉන්නෙ ඔබ. ඉතින් මොනව කරන්නත් ඔබ ස්ථාවරව
සිටිය යුතුයි.

සමහර පුද්ගලයින් මේ වර්තමානයේ ජීවන බර සහ මේ අරගලයට මුහුන දෙන්න බැරුව ,
ශක්තිමත් නැතුව සියදිවි නසාගන්නට යොමු වූ පුවත් අපිට අහන්න සහ දකින්න ලැබුනා. ජීවන
අරගලය අපි හැමෝටම අමාරුයි. ඒක ඇත්ත. රට අස්ථාවරයි. රටේ විනිමය අනුපාතිකය
අවප්‍රමානය වෙනවා. රුපියලේ බාහිර අගය පිරිහෙනවා. මේ හැමදේම ඇත්ත. ඒත් ඔබ
ස්ථාවර විය යුතුයි. ඔබ මේ සියල්ලටම මුහුන දිය යුතුයි. රටේ system එක change වෙන දවසක්
අපිට expect කරන්න බැහැ.

ඒ නිසා කලයුතු හොදම දේ ඔබ මානසිකව වැටෙන්නෙ නැතුව ඉන්න ගමන් ඔබට එක අදායම්
මාර්ගයක් ප්‍රමානවත් නැත්නම් තව ආදායම් මාර්ග (extra income paths) හදාගන්න. ඔබට
පුලුවන් අලුතින් හැකියාවන් (skills) ඇතිකරගන්න හෝ වර්ධනය කරගන්න. උදාහරණයක්
විදියට ඔබ ඡායාරූපකරණයට කැමතියි නම් ඒ ක්ශේත්‍රය පිලිබදව හදාරලා ඔබට පුලුවන් ඒ
ඔස්සේ අදායමක් ලබන්න.

තව අධ්‍යාපන සුදුසුකම් වැඩිකරගන්න ඕනෙ කියලා දැනෙනවනම් ඒ දේවල් වලට
යොමුවෙන්න. අපි අපේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජන තමයි අපි මේ වර්තමානයේ
අපේ අධ්‍යාපනය වෙනුවෙන් දරන සමහර වියදම් කියලා කියන්නෙ. ඒක degree එකක් වෙන්න
පුලුවන් diploma හෝ certificate course එකක් වෙන්න පුලුවන් ඔබේ අවශ්‍යතාවය අනුව ඊට
යොමුවෙන්න.
වැදගත් වෙන්නෙ මග නැවතී නොසිට ඔබ ඉදිරියට යාම.

ඒවගේම තවත් වැදගත්ම point එකක් තමයි අනවශ්‍ය සියලුම වියදම් කපා හරින්න. ඔබ ඔබේ
life එක enjoy කරන්න , කැමති තැන් වලට trips යන්න, ලෝකෙ ලස්සන විදින්න . ඒ දේවල්
කරන්න එපා කියලා නෙවේ මන් මේ කියන්නේ. අපි හිතුමනාපෙට වැඩිය හිතන්නෙ නැතුව
කරන වියදම් තියනවනෙ. නිතර සුප්‍රසිද්ධ අවන්හල් වලට ගිහින් කෑම කන එක, නිතර
shopping කරන එක වගේ. ඒ දේවල් පොඩ්ඩක් limit කරන්න ඔබේ සතුටට බාධාවක් නොවෙන
විදියට. ඇයි මන් මේ සතුටට බාධාවක් නොවෙන විදියට කියලා highlight කරේ. මොකද අපි
ජීවිතේ මහන්සිවෙලා දුක්විදලා සල්ලි හම්බ කරලා මැරිලා යන්න විතරක් නෙවේ ඉන්නෙ. අපි
ගෙවෙන හැම මොහොතකම සතුටින් ඉන්න තමයි උත්සහ කරන්න ඕනෙ. එකෙන් ඔබේ
මානසික ස්ථාවරත්වය රැකෙනවා. ඉතින් සතුට කියන දේ පුද්ගලයින් විදියට අපි හොයන සහ
බලාපොරොත්තු වෙන විදිය පුද්ගල බද්ධ සංසිද්ධියක්. ඉතින් ඔබ සතුටු වෙන්නෙ ආස කෑමක්
කාලා ,කැමති ඇදුමක් අරගෙන නම් ඒක සීමා කරන්න කියලා නෙවේ මන් මේ කිව්වෙ.
අනවශ්‍ය විදියට limit exceed කරන්න එපා කියලා.

තවත් වැදගත් දෙයක් තමයි savings . ඉතුරු කරන්න . ඔබ වෙනුවෙන් , ඔබේ පවුලෙ අය
වෙනුවෙන් ,අනාගත අවශ්‍යතා වෙනුවෙන් ඉතුරු කරන්න. වර්තමානයේදී රුපියල් වල
වටිනාකමින් ඉතුරු කරනවාට වඩා ඔබට පුලුවන් නම් විදේශ මුදල් ගිනුමක ඉතුරු කරන්න එය
වඩාත් ලාභදායි වෙනවා වර්තමානයේ මේ රුපියලේ අගය ගොඩක් පිරිහෙමින් යන නිසා එය
වඩාත් හොද තේරීමක් වනවා නොඅනුමානයි. එහෙමත් නැත්නම් කොටස් වෙලදපොල වගේ
platforms වල ඔබට ආයෝජනය කරන්නත් පුලුවන්. ඔබට අනාගතයේ income එකක් ලැබෙන
platforms හොයාගෙන ඒ දේවල් හරි විදියට ඉගනගන ආයෝජනය කරොත් අනාගතයේ
යම්තාක් දුරකට සුරක්ශිත වෙන්න පුලුවන්. මොකද ආර්ථික සුරක්ශිතතාවය ගොඩක් වැදගත්.

ඒ වගේම මානසික නිදහසට මුල් තැන දෙන්න. හැමවෙලාවකම පාලකයින්ට සහ මේ රටේ
තත්වයට බැන බැන විවේචනය කරමින් පැය ගනන් නාස්ති කරලා negative vibe එකක්
හදාගන්න එපා ඔබ වටේට. විරුද්ධ විය යුතු තැන් වල විරුද්ධත්වය පාලා ඉන් අනතුරුව ඔබ
ඔබට ඔබේ මානසික සතුටට ,සැනසීමට මුල් තැන දෙන්න.
ඒ වගේම වැඩි වැඩියෙන් තමන් ආදයේ කරන අයට කිට්ටු වෙලා ඒ සැනසීම විදින්න. පවුලෙ
අයත් එක්ක ඔබේ අදහස් ,අනාගත බලාපොරොත්තු share කරගන්න. සහකරු හෝ
සහකාරියව වැඩියෙන් තේරුම් ගන්න. ඔයා වගේම ඔයාගෙ වටේ ඉන්න අයගෙත් මනස
ශක්තිමත් කරන ගමන් මේ ගමන යන්න. සුරතල් සතුන් ඉන්නවනම් ඔවුන් සමගත් කාලය ගත
කරලා ඔබ හැමවෙලේකම සන්සුන් මනසකින් ඉන්න. ගොඩක් වෙලාවට social media වල මේ
දවස් වල දකින කරන දේවල් නිසා ඔබේ ජීවිතය හැම තප්පරේම complicate කරගන්න එපා.
වැඩි කල් නොගොස් මේ හැම දෙයක්ම හොදම විදියට වෙනස් වේවි කියලා අපි ප්‍රාර්ථනා
කරමු. ඉතින් එතකන් අල්ලන් ඉන්න. ඔයා හිතනවට වඩා ඔයා ගොඩක් ශක්තිමත් .මේ රටේ
වර්තමානයේ මේ ඇත්වෙලා තියන ක්ශේත්‍රයන් වල පිරිහීම ඉක්මනින්ම නැතිවෙලා අපේ මේ
පුංචි මාතෘභූමියට ඇත්තටම සශීක කාලයක් උදාවේවා කියන ඒ පැතුම සහ බලාපොරොත්තුව
එක හිතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.
මේ වගේ සංකීර්ණ කාලෙකත් අල්ලන් ඉන්න ඔයා දිනන දවස වැඩි ඈතක නෑ.ඔබට ජය.



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us