Helabima

කපුටු කාක් කාක් ගැන ඔබ නොදත් තොරතුරු රැසක්

රුවන්තිකා මධුශානි


ලංකාවේ වැඩි වශයෙන්ම දැකිය හැකි කුරුලු වර්ගය වන කපුටා ලංකාව ඉංදියාව පකිස්තානය බංග්ලාදේශය පකිස්ථානය පුරා වැඩි වශයෙන් දක්නට හැකි අතර ලොව පුරාම විසිර සිටින පක්ශියෙකි.   කපුටන් නොමැත්තේ ඇන්ටාක්ටිකාවේ පමණි. ලංකාවේ මූලික වශයෙන් කපුටු වර්ග 2 කි . ගම් කපුටන් සහ කොලඹ කපුටන් ය. ගම් කපුටා ප්‍රමානයෙන් විශාලය. ප්‍රචන්ඩකාරී පෙනුමක් දරයි .හිස ප්‍රදේශයේ පිහාටු ඇවිස්සී ඇති ස්භාවයක් දරයි. තද කලු පැහැතිය. කොලඹ කපුටා ප්‍රමානයෙන් කුඩාය. ලා අලු පැහැයට හුරු වේ. පපු ප්‍රදේශයේ තවත් පැහැය ලා වේ. කලාතුරකින් ජාන විකෘති වූ සුදු පැහැ කපුටන් දක්නට ලැබේ.කපුටා ඕනෑම දෙයක් ආහාරයට ගන්නා සර්ව භක්ශකයෙකි. ඌ නොකන දෙයක් නැත.නගර වල කැලි කසල වෙනුවෙන් කපුටා කරන සේවය ඉමහත් ය


ආදරේ පිරුණු කපුටු පවුල්


කපුටා  වසර 15 කට වඩා ජීවත් වන සතෙකි. කපුටාගේ කූඩුව ජනාශ්‍රිත ගස් වල  ගොඩනැගිලි වල ආදී ස්ථාන වල තනයි. එය අපිලිවල වේ. කෝටු  පාවිච්චි කර සකසයි. අන් කුරුල්ලන්ගේ කැදලිවලට සාපේක්ෂව සුවපහසු බවින් අඩු ය. කපුටු මව වරකට බිත්තර 3/5 ක් පමණ දමයි. දින 18 ක් පමණ බිත්තර රකින අතර මව් පිය කුරුල්ලන් සහයෝගයෙන් බිත්තර රකිනු දැකිය හැක. දින 28-30 ක් පමණ කාලයකින් පැටවුන් පියාපත් ලබා ඉගිලයාමට හැකියාව ලැබුවත් මාස 2 ක්  පමණ දෙමව්පියන් පැටවුන් පෝශනය කරයි. වසර 5ක් පමණ ස්වාධීන වූ තරුණ පැටවුන් මාපිය කපුටන් සනග ගැවසේ. නව කුරුලු පැටවු රැක ගැනීමට සහෝදර කපුටන් දෙමාපියන්ට සහය වීම ආස්චර්‍යමත් ය. එසේම කපුටන් මහලු වූ විට මහලු කපුටන් පෝශණය කරති. එය බොහෝ සතුන් අතර නැති බැදීමකි. ආනත  වහලවල් මත ලිස්සා යාම එල්ලෙන දෙයක එල්ලී පැද්දෙමින් ඔන්චිලි පැදීම ආදී ක්‍රීඩාවල යෙදීමට කපුටු පැටවුන් ඉතා ප්‍රිය කරති. එයින් ඔවුන්ගේ ආහාර සොයා ගැනීමේ හැකියාව විලෝපිකයින්ට මුහුණ දීමේ හැකියාව ඉහල යතැයි සැලකේ. කපුටෝ බල්ලන් බලලුන් රිලවුන් ආදී ගෘහාශ්‍රිත අනික් සතුන් කෝප කරවීමට රුසියන් ය.

By CreativeNature_nl / Envato
කපුටාගේ දක්ශතා


කූඩුවක සිටින කපුටු පැටවුන්ට පැය 3 ක් තුල තණකොළ පෙත්‍තන් 1000 ක් ගිල දැමීමට තරම් හපනුන් වෙති. කපුටා ඉතා බුද්ධිමත් වේ. උගේ ශරීර ස්කන්ධයෙන් 27% ක් මොලයේ බරට වෙන්ව ඇත. එය චිම්පන්සියකුගේ බුද්ධි මට්ටම හා සම වේ. තමාට හිරිහැර කර අය මතක තබා ගැනීමේ හැකියාව කපුටන් සතුය.කපුටන් ඇති කිරීම තහනම් කර ඇත්තේද උගේ බුද්ධිමත් භාවය හේතුවෙනි. කපුටා හොරකම් කිරීමේ සමතෙකි.18 වන සියවසේ කපුටන් ඇති කර උන් ලවා හොරකම් කරවූ පිරිස් වාර්ථා වීමත් සමග කපුටන් ඇති කිරීම  තහනම් කෙරිනි. 
කපුටා තමා මෙන් 9 ගුණයක් බරැති රාජලියාට ආක්‍රමණශීලී පහරදීම් සිදු කරයි. බකමූණන්ට මෙන්ම මිනිසුන්ටද ඉදහිට පහර දීමට කපුටා පසුබට නොවේ. තමාට හිංසා කල මිනිසුන්ට පහර දුන් කපුටන් මෙන්ම නිතරම ආහාර ලබා දුන් අයට තෑගි දුන් කපුටෙකු ගැනද වාර්ථා වේ. ඒ ඇමරිකාවේ සියැටල් නගරයෙනි. නිතරම කෑම ලබා දුන් 8 හැවිරිදි දරුවෙක් හා මිතුරු වූකපුටෙකු දරුවාට පබලු දිලිසෙන ලෝහ කැබලි බොත්තම් ක්ලිප් ආදිය රැගෙන විත් දී තිබේ. කපුටා ඇවිස්සුනු කූඹි ගුලක් දුටු විට පිහාටු පුම්බා විහිදුවාගෙන කුහුඹු ගුල අසල වැතිර සිටියි. එවිට කුහුබුවෝ ෆෝමීන් ශ්‍රාවය කරමින් කපුටාගේ ශරීරයේ දිවීම අරඹයි. එම ෆෝමීන් වලින් කපුටාගේ සිරුරේ වසන පරපෝශිතයන් ක්ශුද්‍රජීවීන් විනාශ වෙයි. 


කපුටු සමාජය


කපුටා උගේ වර්ගයා අතර ඉතා සමාජශීලීය. ආහාරයක් ලද විට රැලේ සියල්ලන්ටම අඩ ගා ආහාරය බෙදා ගනී.කපුටෙකු මියගිය විට සියලුම කපුටෝ රැස්ව මියගිය හේතුව අවබෝධ කර ගැනීමට උත්සාහ කරමින් නාද කරති.  ස්කන්ධය අනුව මොලයේ ප්‍රතිශථයෙන් කපුටා චිම්පන්සියාට සමාන වේ. කපුටා ආහාර සැගවීමට හැකියාව ඇති සතෙකි. සැගවූ තැන ගැන සෑහීමකට පත් වන තුරු කිහිප වරක්ම සගවන තැන වෙනස් කිරීමේ හැකියාව ඌ සතුය.  මිනිසුන් ප්‍රදේශ අනුව භාශාව වෙනස් කරනවා මෙන් කපුටෝද ප්‍රදේශය අනුව  වෙනස් ස්වර දරයි. තම සීමාවෙන් පිට ප්‍රදේශයකට ඇතුල් වූ ආගන්තුක කපුටකු අනික් කපුටන් හදුනා ගන්නේ එම හඩෙනි.  කපුටකුගේ ආයු කාලය වසර 20 ක් පමණ වේ. එහෙත් වාර්තාගත වැඩිම ආයු කාලයක් භුක්ති විදි කපුටා අවුරුදු 59 ක් ජීවත් වූයේය. අප්‍රේල් 27 කපුටා වෙර්නුවෙන් වෙන් කරන ලද ජාත්‍යන්තර දිනයයි. 

By puhimec / Envato
කපුටු සාස්තර


පෙරදිග වැසියෝ කපුටා අනාවැකි කියන පක්ශියෙකු ලෙස දක්වයි. පැගිරි කුලයේ ගසක ලැග සිටින කපුටෙක් කෑ ගැසූ හොත් නිවසට අමුත්තන්  පැමිණෙන බව ප්‍රකට අනාවැකියකි.  කපුටෙකු යමෙකුගේ හිසට මළපහ කිරීම ධනලාභයක අනාවැකියකි. කපුටන් සිහිනෙන් දැකීම, කපුටෙකු ඇගේ වැදීම , වියලි නටු ගහක සිට හෝ වහලය මත රැස්ව හැඩීම අසුභ පෙරනිමිති යැයි සැලකේ. එමෙන්ම කපුටකු මලක් හෝ කොලයක් තුඩින් ගෙන හිදීම , ඔබ විසින් ලබා දෙන ආහාර ඔබ ඉදිරියේම අනුභව කිරීම , ඔබ විසින් තැබූ බදුනකින් දිය නෑම හෝ දිය බීම ඉතා සුභ වේ. සෙනසුරු ගේ වාහනය කපුටා වන හෙයින් ඇතමුන් සිය අපල දුරු කරවා ගැනීමට කපුටන්ට කිරිපිඩු ලබා දෙති. එයට පහන් තිර යෙදීම කිසි විටකත් නොකල යුත්තේ එය දිරවාගත නොහැකිව බොහෝ කපුටෝ මිය යන බැවිනි. සෙනසුරාදා දිනක ලුනු බැලීමට වත්  ඉදුල් නොකල කිරි බතක්  හිරු නැගීමට පෙර කපුටන්ට ලබා දී බීමට ජලයත් ලබා දීමෙන් ඔබේ අපල  අවසන් වන බව ජොතිශ්‍ය පවසයි...



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us