Helabima

කැමති ඕනිම දෙයක් දවස් 5 න් ලබාගන්න අරුම පුදුම ක්‍රමයක්

බිනරි ඇතුගල


මහා ශක්ති ගබඩාවේ කේන්ද්‍රය ඔබයි

ජීවිතේ අපිට නොයෙක් හීන බලාපොරොත්තු ඉලක්ක තියනව. ඒ දේවල් ලබාගන්න මහන්සි වෙන ගමන් ඒ සදහා ආධ්‍යාත්මික තල්ලුවකුත් ලැබුනොත් අපේ මහන්සිය අපතේ යාමක් නොවී ඉහලම දියුණුවකට යන්න අපිට අවස්ථාව ලැබෙනව. ඒ සදහා ඔයාට කිසිම මුදලක් වැය නොවී මහා විශාල ශක්ති ගබඩාවකින් කවදාවත් අවසන් නොවෙන දැවැන්ත ශක්ති ගබඩාවකින් ශක්තිය ලබාගන්න පුළුවන් .ඒ ගබඩාව තමයි මේ විශ්වය. ඔබේ විශ්වයේ කේන්ද්‍රය ඔබ තුල නම් ඔබේ තානයට අනුව විශ්වය හසුරවා ගන්න ඔබට අවස්ථාව ලැබෙනව .

දුප්පතා හැමදාම දුප්පත් වෙද්දී ධනවතාටම සල්ලි ලැබෙන්නෙ කොහොමද

ඔබ මේක අත්දකලා ඇති. ධනවත් අයටම ධනය හිමි වෙද්දි දුප්පතා හැමදාම දුප්පත් බව ඔබ අත්විදල ඇතිනේ. ඒකට හේතුව මොකක්ද . ඒ තමයි මං අර මුලින්ම කියූ තානය. ඔබේ තානය ධනවත් නම් විශ්වයෙන් ඔබට ආකර්ෂණය වෙන්නෙ ධනය. ඔබේ තානය දුප්පත් නම් ඔබට ආකර්ශනය වෙන්නෙම දුප්පත් බව අලාභ පාඩු. ජයාග්‍රාහී තානය පරාජිත තානය වගේම රෝගී නිරෝගී භාවයටත් මෙය අදාලයි. ඉතින් ඔබට අවශ්‍ය ඕනෑම දේකට ගැලපෙන තානය ඔබ තුලින් මතු කර ගන්න ඔබට හැකි නම් ඒ දේ ඉබේම ඔබට ආකර්ශනය වෙනව. එලෙස ඔබට ඔබේ තානය සකසා ගන්න පුළුවන් මූලිකම අභ්‍යාසයක් තමයි මේ හරහා ඔබට රැගෙන එන්නෙ එය 55×5 ක්‍රමය ලෙස ලොව පුරාම ජනප්‍රියයි..

මොකක්ද මේ 55×5

සරලවම මෙය ඔබට ආකර්ශනය කරගන්න අවශ්‍ය දෙයට අනුව ඔබව අනුනාද කරන්න හැඩ ගස්වන අභ්‍යාසයක්. ලොව පුරා මෙයින් ප්‍රයෝජන ගත් සහ ගන්නා ප්‍රමානය ලක්ශ සංඛ්‍යාව ඉක්මවනව. ඔබට අවශ්‍ය දේ ඔබට දැනටමත් ලැබී ඇති බව ඔබේ මනසට කා වැද්දීම තමයි මෙයින් සිදු වෙන්නෙ. එය ඔබට දැනටමත් ලැබී තිබෙන බව ඔබට ඒත්තු ගැන්වීමෙන් විශ්වයට නිදහස් වන ශක්තිය සමග එය ඔබට යලි පෙරලා ආකර්ශනය වෙනව ඒ කියන්නෙ ඒ දේ ඔබට අනිවාර්යයෙන් ලැබෙනව

මොනවගේ දේවල් ද ලබාගන්න පුලුවන්

ඕනිම දෙයක් . විභාගයක් සමත් වෙන්න වාහනයක් ගන්න , රැකියාවක් ලබා ගන්න , ධනවත් වෙන්න බලවත් වෙන්න විතරක් නෙවෙයි මේකෙ පාවිච්චි කරල රූමත් උන අයත් ඉන්නව . මහත් වෙන්න කෙට්ටු වෙන්න ඔබට අවශ්‍ය සිහින සිරුර අත්පත් කරගන්න විතරක් නෙවෙයි අත්‍යවශ්‍ය ඇමතුම් පවා ලබා ගන්න මේ තුලින් පුලුවන්

කොහොමද ලෑස්ති වෙන්නෙ

මේක දින පහක් පුරා සිදු කරන්න ඕනි කර්තව්‍යක්. අවශ්‍ය වන්නෙ කඩදාසියක් පෑනක් සහ නිස්කලංක ස්ථානයක් විතරයි . මුලින්ම ඔබ මනස සන්සුන් කරගන්න අවශ්‍යයි. මේක භෞතික ව සිදු කලත් මෙහි මූලිකම පරමාර්ථය මනස අපිට අවශ්‍ය දේට අනුනාද කිරීමයි. මුලින්ම නිස්කලංක ස්ථානයක් තෝරා ගන්න දුරකථන හෝ වෙනත් බාධාකාරී දෙයින් ඈත්ව සිත කය සංසුන් කරගන්න . ඔබට අවශ්‍ය අරමුණට සිත යොමු කරන්න . ඔබ මෙහිදී කිසිසේත්ම එම දෙය ලබා දෙන ලෙස හෝ එය ලබා ගැනීමට අවශ්‍ය බව සිතන්න එපා . ඔබේ සිත සම්පූර්ණයෙන් ම පිරී තිබිය යුත්තේ ඒ අදාල දෙය ඔබ අත්පත් කරගෙන අවසන් වීමේ සතුටෙන් . උදාහරණයක් ලෙස ඔබට විභාගයක් සමත් වෙන්න අවශ්‍ය නම් ඒ අදාල විභාගය සමත්ව අවසන් වීමේ සතුටෙන් සිත පුරවා ගන්න . ඔබට වාහනයක් මිලට ගන්න අවශ්‍ය නම් ඔබ වාහනයක් මිලදී ගැනීමෙන් පසුව එන සිතුවිලි වල කිමිදෙන්න. කිසිම විටක අනේ මේ වාහනයක් ලැබේවා කියා සිතට පැමිනීම වලක්වා ගන්න . එසේ ඔබට අවශ්‍ය දේ අත්පත් කරගැනීමේ සතුටෙහි ගිලෙමින් ඒ සතුට දුන් විශ්වයට ස්තුති කරන්න .

දැන් කරමු

මෙසේ මානසික මට්ටම සකසා ගත් පසු ඔබ කඩදාසියක් රැගෙන එහි 55 වතාවක් ඔබට අවශ්‍ය දේ ලබා දුන් විශ්වයට ස්තුති කරන වාක්‍ය ලියන්න . ඔබට වාහනයක් මිලට ගන්න නම් ඔබ ලිවිය යුත්තේ මට වාහනයක් ලබා දුන්නාට විශ්වයට ස්තුතියි ලෙසයි. ඔබට අවශ්‍ය වන්නේ නිවසක් මිලට ගන්න නම් ඔබ ලිවිය යුත්තේ මට නිවසක් මිලට ගැනීමට හැකිවීම ගැන විශ්වයට ස්තුතියි ලෙසයි. එනම් ඔබට අවශ්‍ය ප්‍රාර්ථනාව ඉටුව තිබීම ගැන ඔබ ස්තුති වන්ත විය යුතුය . මෙසේ 55 වතාවක් දින 5 ක් ලිවිය යුතුය . ලිවීමෙන් පසු එය ගැන නැවත නොසිතා සිටිය යුතුය . ලියූ කොල ඔබ ලග තබා ගන්න .ලිවීමට් පෙර කොලයේ අංක 55 ක් ලියා සූදානම් කර ගන්නවා නම් ඉතා අගනාය.

මෙහිදී භෞතික ලෙස කොලය පිරෙන තුරු ලිවීමට වඩා අවශ්‍ය වන්නේ ඔබ ඒ ලියන මොහොතේ එම බලාපොරොත්තුව අත්පත් කරගෙන සිටින අන්දම සිතට ඒත්තු ගැන්වීමයි. බලාපොරොත්තුව ඉටු වී ඒ සතුට විදිමින් විශ්වයට හදවතින් ම ස්‍තූතිවන්ත වීම සිදු කරන්න .මෙය මේ වෙද්දී ලොව පුරා ලක්ශ සංඛ්‍යාත ජනතාව සිය අරමුණු ඉලක්ක වෙනුවෙන් භාවිත කරති. මීට අමතර ව 33*3 ලෙස දින තුනක් 33 වතාවක් ලිවීමේ ක්‍රමයක්ද පවතී එහෙත් වැඩියෙන්ම ජනප්‍රිය වන්නේ මෙම ක්‍රමයයි.



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us