Helabima

මොකක්ද මේ වදුරු උණ ?

රුවන්තිකා මධුශානි


එක වසන්ගතයකින් ඇතිවෙන්න බැට කාලා තවමත් බට කමින් ඉන්න මේ කාලේ බටහිර ලෝකෙන් ආයමත් වසංගතයක් හිස ඔසවලා කියන භයානක ආරංචිය මේ වෙද්දී ලෝකෙම භීතියෙන් සලිත කරලා ඉවරයි . මන්කි පොක්ස් එහෙම නැත්තම් වදුරු උනට මේ සති දෙක ඇතුලත ලෝකේ රටවල් එකොළහක් බිලිවෙලා ඉවරයි . රෝගීන් සියයකට අධික ප්‍රමාණයක් අද පස්වරුව වෙද්දී වාර්තා වෙලා තියනවා . ඒවගේම රෝග ලක්ෂණ පෙන්වන සිය ගණනක් හුදකලා කරලා තියනවා

එද්දාස් නවසිය පනස් අටේ වඳුරු උණ’ වයිරස එක මුලින්ම අදුරගත්තේ අප්‍රිකානු වඳුරන්ගේ සිරුරුවලින් . ඒ හින්දා වදුරු උන කිව්වට භයානකම දේ තමයි මීයන්, ඌරු මීයන්, ලේනුන් ආදී ක්ෂීරපායී සතුන් ගෙනුත් මේ වෛරස් එක වාර්තා වෙනවා .මේක සතුන්ගෙන් මිනිසුන්ට බෝ වෙනවා. එත් මිනිසුන් ගෙන් මිනිසුන්ට පැතිරීම හරිම අඩු මට්ටමක තමයි තිබුනේ .ඒ නිසා අප්‍රිකාවෙන් පිට රටවලදී මේක මින් පෙරේ වාර්තා වුනත් රෝගීන් වාර්තා වුනේ එක්කෙනෙක් දෙන්නෙක් විතර සුළු ගානක්. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට මේ වෙද්දි පැතිරෙන්නේ කලින් වාර්තා වුනාට වඩා විකෘති ප්‍රභේදයක්..ඒ නිසා වයිරස ව්‍යාප්තිය අසාමාන්‍ය තත්ත්වයක් පෙන්නනවා .

විද්‍යාගාර වල පරීක්ෂණ වලට පාවිච්චි කරලා පරිසරයට මුදා හැරපු වදුරන්ගෙන් මේ වෛරසය පැතිරුනා කියලත් මේ වෙද්දී අදහසක් මතුවෙලා ..

බ්‍රිතාන්යෙන් මුල්ම රෝගියා වාර්තා වෙන්නේ පහුගිය මැයි 6 වැනිදා.නයිජීරියාවේ සංචාරයකට ගිහින් ආව පිරිමි පුද්ගලයෙක් තමයි මුල්ම රෝගියා විදියට වාර්තා වුනේ , දෙවැනි රෝගියා මැයි 18 වැනිදා වාර්තා වෙනවා . එතන තියන භයානකම දේ තමයි දෙවන රෝගියා කිසිම විදියකට පළමු කෙනාට සම්බන්ද වෙලා හරි රටෙන් පිට ගිහින් හරි නෑනැති එක . ඊටපස්සේ හරිම අබිරහස විදියට කිසිම සම්බන්ධයක් නැති තැන වලින් රෝගීන් කිහිපදෙනෙක්ම එකවර වේගයෙන් වාර්තා වෙන්න පටන් ගත්තා .

මේ වෙද්දී ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය ස්පාඤ්ඤය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය යන යුරෝපා රටවල මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රෙරලියාව යන රටවල් වලින් රෝගීන් වාර්තා වීම ආරම්භ වෙලා ,අධික උණ, මස් පිඩු වේදනාව, දද සහ කුෂ්ඨ විශේෂයෙන් ලිංගික ප්‍රදේශ වල තුවාල වගේ පැපොල රෝගයට අඩාල ලක්ෂණ තමයි මේ රෝගීන් ප්‍රදර්ශනය කරන්නේ. මේ ලෙඩේ හරිම දුර්ලභ නිසා තාම විශේෂිත බෙහෙතක් නම් හොයාගන නෑ .. එත් වසූරිය රෝගයට ලබා දෙන එන්තෙන් 85% ක විතර ආරක්ෂාවක් ලැබෙනවා කියලා හොයාගන තියනවා,

ඉතින් මෙතන භයානම්කම දේ තමයි වදුරු උනාට ගොදුරු වෙන දහ දෙනෙක්ගෙන් එක්කෙනෙකුට මේක මාරාන්තික වෙන්න පුළුවන් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා .

වදුරු උන රෝගියෙක් ස්පර්ශයෙන් රෝගියාගේ දාඩිය සහ කෙල බිඳු මගින් රෝගය පැතිරෙන්න පුළුවන් කියලා වෛද්‍ය විද්‍යාඥයන් පෙන්වා දෙනවා . මේ සම්බන්ධයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ලන්ඩනයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා, දැනට අදුරගන තියන රෝගීන්එ සහ රෝග ලක්මෂන පෙන්නන ඇය හුදකලා කිරීමත් සෞඛ්‍ය පද්ධතිය මේ වෛරසයෙන් ආරක්ෂා කිරීමත් හරිම වැදගත් කියල ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරා ,

වඳුරු උණ ලංකාවට එයිද ලංකාවේ සුදානම කොහොමද කියලා මේ වෙද්දී ඔබේ හිතට අනිවාරෙන්ම බයක් දැනිලා ඇති , ඉතින් අපි ඒ ගැනත් හොයලා බැලුවා , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියන විදියට වඳුරු උණ ‍ එහෙම නැත්තම් (Monkeypox) රෝගය පරීක්‍ෂා කිරීමට .. රෝග විනිශ්චය කිරීමට අවශ්‍ය හැම යටිතල පහසුකමක්ම ලංකාවේ තියනවා . ඒවගේම රෝගය හඳුනාගන්න පරීක්ෂණ කරන්න ඕනි කරන ප්‍රතික්‍රියාකාරක රසායන දැනටමත් ඇනවුම් කරලා ඉවරයි ..

ඉතින් මේ ගැන තියන පුදුමාකාරම කතාව තමයි දැන් කියන්න යන්නේ .. මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගෙස්ට් මිට ටික කාලෙකට කලින් විශේෂ දේශනයක් පැවැත්වුවා . එහිදී ඔහු හෙළි කරපු කාරනාව තමයි දෙදාස් තිහ වෙන්න කලින් වදුරු උන ඇතුළු වසන්ගත හතරක් මේලෝකේ පුරා පැතිරෙනවා කිව්වා එක, . ඒ දේශනය කරන කාලේ වෙද්දී වදුරු උන රෝගීන් අප්රිකාක්වෙන් පිට වාර්තා වෙලා තිබ්බේ නැතිම තරම්. ඉතින් මේ වෙද්දී එක වසන්ගතයකින් ඇති වෙන්න බැට කාලා ඉන්න ඔබ මන් ඇතුළු ලෝකේ ජනතාව ඉලගට වෙන්න යන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව හරිම වික්ෂිප්ත වෙලා තමයි වෙද්දී ඉන්නේ. කොහොම උනත් මේක ලෝක වසංගතයක් වෙන්න කලින් ඉක්මනින්ම වෛද්‍ය වරුන්ගේ පාලනයට ගන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු, 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us