Helabima

කිරිපිටි නැතුව කිරි තේ හදන්නෙ මෙහෙමයි

බිනරි ඇතුගල


මේ වෙද්දී ලංකාවෙ ඉන්න ගොඩාක් අය කිරිපිටි හිගය නිසා ලොකු අපහසුතාවකට මුහුණ පාලා ඉන්න බව අපි දන්නව . ඉතින් ලංකාවෙ අපි උදේ නැගිටලා පිටි කිරිම බිව්වට වෙනත් රටවල විවිධාකාර කිරි වර්ග ජනප්‍රිය වෙලා තියනව. ඒකෙන් වඩාත්ම ජනප්‍රිය ලංකාවෙ අපිට සපයා ගන්න ලේසිම සහ වඩාත් රසම කිරි වර්ගය පිටිකිරි වෙනුවට පාවිච්චි කරන්න ඔබට කියල දෙන්න අපි සූදානම් . පිටිකිරි වගේ ශරීරයට අහිතකර නැති පොල්කිරි වලින් හදල පුලුවන් පාන වර්ග කීපයක් තමයි අපි ඔබට අරං එන්නේ. අපි නොදන්නව උනත් ලෝකෙ බොහෝ රටවල විශේශයෙන් වීගන් ප්‍රජාව අතර පොල්කිරි පානය ඉතා ජනප්‍රියයි . සීත කල මෙන්ම උනුවෙන් ලෙසත් දෙවිදියටම පොල්කිරි බීමට ගන්න පුලුවන් . ඒ වගේම කිරි සමග මිශ්‍ර කරන තේ කෝපි ඉන්ස්ටන් කෝපි වැනිලා චොක්ලට් පවුඩර් ආදිය සමගත් පොල්කිරි හොද රසයක් ලබා දෙනව. එහෙනම් මෙන්න පිටිකිරි ගැටලුවට සාර්ථක ම විසදුම

පොල්කිරි තේ ( එක කෝප්පයක් සදහා)

  • ඉතා උකුත් නොවන දියාරුත් නොවන පොල්කිරි කෝප්ප 1
  • තේ කොල තේ හැදි 1
  • සීනි මේස හැදි 1

පොල්කිරි , සීනි තේ කොල රත් කිරීමට හැකි බදුනකට බහා නටවන්න. තේ කොල සාරය උරාගෙන පොල් කිරි වලට ඔබට රිසි තරම් කහට ලැබුනු පසු පෙරා ගන්න ..

උනුසුම් පොල්කිරි කෝපි.. ( එක කෝප්පයක් සදහා)

  • පොල්කිරි කෝප්ප එකයි
  • ඔබ කැමති කෝපි වර්ගයකින් තේ හැන්දක්. මේ සදහා නෙස්කැෆේ බොන් ඇරෝමා වැනි ක්ශනික කෝපි වර්ගද භාවිත කල හැක
  • සීනි මේස හැදි 1

සීනි පොල්කිරි කෝපි බදුනකට බහා මද ගින්නේ හැදි ගාමින් රත් කරන්න . මෙය තවත් රසවත් කිරීමට එනසාල් කරාබු නැටි වැනිලා ආදියද භාවිත කල හැක. එම ද්‍රව්‍යත් නටවන බදුනටම බහා රත් කරන්න . හොදින් නැටූ පසු පෙරා ගන්න .

By AtlasComposer /  Envato 

සීත කල පොල්කිරි කෝපි ( වීදුරුවක් සදහා)

  • වතුර වීදුරු බාගයක්
  • උකු පොල්කිරි වීදුරු බාගයක්
  • කෝපි තේ හැදි එකක්
  • වැනිලා ස්වල්පයක්
  • අයිස් කැට

කෝපි සහ වතුර එක් කර හොදින් නටවා පෙරා එම සාන්ද්‍ර කෝපි ද්‍රාවනය ශීත කරන්න . පොල්කිරි වැනිලා මිශ කරන්න ඔබ තෝරා ගත් වීදුරුවට අයිස් කැට දමා ගන්න එයට පෙරාගත් සාන්ද්‍ර් කෝපි වත් කරන්න . ඉන්පසුව පරිස්සමෙන් උඩින් පොල්කිරි වත් කරන්න .

මසාලා තේ ( එක කෝප්පයක් සදහා)

  • පොල්කිරි කෝප්ප 1
  • තේකොල තේ හැදි එකයි
  • ඉගුරු පෙති කිහිපයක්
  • තලාගත් එනසාල් ඇටයක්
  • තලාගත් කරාබු නැට්ටක්
  • ගම්මිරිස් ඇට දෙකක් ( මදක් තලා ගත්)
  • කුරුදු අගලක පමන පොතු කැබැල්ලක්
  • රස පමනට සීනි

ඉහත සියලුම ද්‍රව්‍ය බදුනකට බහා මද ගින්නේ හැදි ගාමින් නටවා ගන්න . රස අනුව සීනි එක් කර හොදින් පෙරා ගන්න.

By grafvision /  Envato 

 

පොල්කිරි චොක්ලට් මිල්ක්ශේක් ( වීදුරුවක් සදහා)..

  • පොල්කිරි වීදුරු එකයි
  • චොක්ලට් පවුඩර් මේස හැදි එකයි
  • සීනි තේ හැදි එකහමාරයි
  • වැනිලා රස අනුව
  • අයිස් කැට

ඉහත සියලුම ද්‍රව්‍ය බ්ලෙන්ඩර් එකට දමා හොදින් මිශ්‍ර වන සේ බ්ලෙන්ඩ් කරන්න . රස අනුව වැනිලා එක් කරන්න .

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us